Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බස්නාහිර පළාත් දකුණ (පිටත) පිල අපරාජිත බව රැකගනියි

බස්නාහිර පළාත් දකුණ (පිටත) පිල අපරාජිත බව රැකගනියි

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අපරාජිත බව රැකගනිමින් අන්තර් පළාත් වයස 15 න් පහළ ‘ප්‍රීමා කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම අද (26 වැනිදා) සමත් විය.

එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූරව තරගයේදී බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායමට එරෙහිව ලකුණු 67 ක ජයක් අත්කරගනිමින් බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 217 ක ඉලක්කයක් හඹාගිය බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායමට ඕවර 44 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 149 ක් පමණි. එම කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට අවිෂ්ක තරිඳු (51) සමත් වුවත් තරගය ජයගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.
 
එහිදී දක්ෂ පන්දුයැවීමක නිරත වූ බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායමේ අවිෂ්ක ලක්ෂාන් ලකුණු 11 කට කඩුලු 4 ක් දවාගනිමින් බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායමේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ කමිල් මිෂ්රා ලකුණු 35 ක් රැස්කළ අතර රනේෂ් දුමින්ද ලකුණු 30 ක් රැස්කළේය.

බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායම වෙනුවෙන් ලකුණු 44 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට කවීෂ දුලාංජන සමත් විය.


බස්නාහිර පළාත් දකුණ (පිටත) - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 216
(කමිල් මිෂ්රා 35, රනේෂ් දුමින්ද 30, ශෙරෝන් ලියනගේ 29, රොහාන් සංජය 29, කවීෂ දුලාංජන 44/4, ශෙනාස් සංදීප 38/2 තීක්ෂණ රිද්මාල් 31/2)

බස්නාහිර පළාත් උතුර (පිටත) - ඕවර 44 කදී සියලු දෙනා දැවී 149
(අවිෂ්ක තරිඳු 51, අවිෂ්ක ලක්ෂාන් 11/4)

 


අදහස් (0)

බස්නාහිර පළාත් දකුණ (පිටත) පිල අපරාජිත බව රැකගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.