Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පළාත් වයස 15 න් පහළ ‘ප්‍රීමා කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම අද (26 වැනිදා) සමත් විය.
සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූරව තරගයේදී දකුණු පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 69 ක ජයක් අත්කරගනිමින් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 217 ක ඉලක්කයක් හඹාගිය දකුණු පළාත් කණ්ඩායමට ඕවර 43.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 143 ක් පමණි. සචික චන්දීර, තෂික නිර්මාල් සහ අමිත් දාබරේ කඩුලු 2 බැගින් දවාගනිමින් දකුණු පළාත් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ලේෂාන් අමරසිංහ (71) සහ පවන් රත්නායක (57) සමත් වූහ.
බස්නාහිර පළාත් මධ්‍යම - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 216
(ලේෂාන් අමරසිංහ 71, පවන් රත්නායක 57, ටිතිර වීරසිංහ 24, සුගීත් නිම්නද 37/3, නිදුක මල්සිත් 39/2)
දකුණු පළාත - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 143
(සඳුන් මෙන්ඩිස් 46, කවිඳු නදීෂාන් 22, විරංග වික්‍රමගේ 27/4, අමිත් දාබරේ 3/2, සචික චන්දීර 22/2, තෂික නිර්මාල් 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.