ෂෝටෝකාන් කරාටේ දෝ සම්මේලනය සංවිධානය කළ 8 වැනි ෂෝතෝකාන් ජාතික කාරටේ ශූරතාවලියේ වයස 21 න් ඉහළ (විවෘත) කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ජේ. කේ. එම්. ඕ. සංගමයේ එස්. බලරාජ්ද, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ජේ. කේ. ඞී. සංගමයේ ඉෂිතා පියවදනිද ශූරතා දිනාගැනීමට සමත් වූහ. ඉෂිතා මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකි.
මෙහිදී වයස 8-9, 10 න් පහළ, 11 න් පහළ, 12 න් පහළ, 13 න් පහළ, 14-15, 16-17, 21 න් පහළ, 21 න් ඉහළ වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්විණ.
ඉන් 14-15, 16-17, 21 න් පහළ, 21 න් ඉහළ වයස් කාණ්ඩ වල කළු පටි කුමිතේ සහ කාතා තරග ඉසව් දෙකම ජයග‍්‍රහණය කිරීමේ පදනම මත දක්ෂතම ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් තෝරාගැනිණ.
ජපානයට අනුබද්ධ ෂෝතෝකාන් කරාටේ ශෛලීන්ට අයත් සංගම් 30 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 600 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ මෙම තරගවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
වයස 21 න් ඉහළ
දක්ෂතම කී‍්‍රඩකයා - එස්. බලරාජ්ද (ජේ. කේ. එම්. ඕ. සංගමය)
දක්ෂතම කී‍්‍රඩිකාව - ඉෂිතා පියවදනි (ජේ. කේ. ඞී. සංගමය)
වයස 21 න් පහළ
දක්ෂතම කී‍්‍රඩකයා - කසුන් අරවින්ද (ජේ. කේ. ඞී. සංගමය)
දක්ෂතම කී‍්‍රඩිකාව - නිසංගා යාපා (අයි. ඒ. කේ. ඒ. සංගමය)
වයස 16-17
දක්ෂතම කී‍්‍රඩකයා - දිල්හාන් ප‍්‍රනාන්දු (ජේ. ඒ. ඞී. සංගමය)
දක්ෂතම කී‍්‍රඩිකාව - හර්ෂණී ප‍්‍රනාන්දු
වයස 14-15
දක්ෂතම කී‍්‍රඩකයා - මධුසංක පෙරේරා (ජේ. කේ. ඒ. සංගමය)
දක්ෂතම කී‍්‍රඩිකාව - හිරුනි ගමගේ (එස්. කේ. එස්. සංගමය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.