ඕස්ට්‍රේලියාවේ ගෝල්කොස්ට් නුවරදී පැවැති 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේ ක්‍රිලෝ ග්‍රෑම් 48 (කාන්තා) බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිනූෂා හංසනී ගෝමස්, නායක ගුවන් කාන්තා තනතුරේ සිට කෝප්‍රල් තනතුර දක්වා උසස් කිරීමට ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා පියවර ගෙන තිබේ.
උසස්වීමට අදාල නිල පත්‍රිකාව ඇයට ලබාදීමේ අවස්ථාව කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැති අතර එහිදී ඇගේ දක්ෂතා අගය කරමින් ඇයට මුදල් ත්‍යාගයක් පිරිනැමීමටද ගුවන් හමුදාපතිවරයා කටයුතු කළේය.
ගුවන් හමුදා බර ඉසිලිමේ කමිටුවේ සභාපති එයාර් කොමදෝරු ඒ.ජේ. අමරසිංහ, ගුවන් හමුදා බර ඉසිලිමේ කමිටුවේ ලේකම් විංග් කමාන්ඩර් එච්.පි.ඒ.එස්. හේවාවසම්, ගුවන් හමුදා ක්‍රීඩා සභාවේ ලේකම් ගෲප් කපිතාන් පද්මන් ද කොස්තා සහ ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමදෝරු අයි.කේ. වීරරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.
වාද්දුව බාලිකා විදුහලෙන් සහ වාද්දුව ශාන්ත මරියා විදුහලෙන් ඉගෙනුම ලැබූ දිනූෂා හංසනී ගෝමස්, ගුවන් හමුදාවට එක් වූයේ 2012 වසරේදීය. 2016 වසරේ ඉන්දියාවේදී පැවැති 12 වැනි ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ රිදී පදක්කම් දිනාගත් ඇය, එම වසරේම මැලේසියාවේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ ලෝකඩ පදක්කම සහ 2017 වසරේ ඕස්ටේ්‍රලියාවේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ ලෝකඩ පදක්කමද දිනාගත්තාය.
2017 වසරේ පැවැති ජාතික බර ඉසිලීමේ තරගාවලියේදී රන් පදක්කමක් දිනාගත් හංසනී, මේ වසරේ (2018) ජාතික මහ ක්‍රීඩා උළලේ බර ඉසිලීමේ ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තා 3 ක්ද පිහිටුවමින් දක්ෂතම ක්‍රීඩිකාව බවටද පත් වූවාය.
.jpg)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.