Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බයිකතන් සවාරිය වව්නියාවේ

බයිකතන් සවාරිය වව්නියාවේ

editorial - 2023 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සී.සී.සී. 1333 මගින් සංවිධානය කරනු ලබන ‘බයිකතන්‘ පාපැදි සවාරියේ පස්වන දිනය අදයි. ධාවකයන් සහ ස්වේච්ඡා සේවකයන් අද උදෑසන 5.00 ට පමණ යාපනය අර්ධද්වීපයෙන්  පිටත්ව කිලෝමීටර් 143 ක් පාපැදි පැද යමින්, දහවල වන විට වව්නියාව නගරය වෙත ළඟාවූහ.

වව්නියාව ස්වභාවයෙන්ම වියලුනු පරිසර පද්ධතියක පිහිටි නගරයකි. මේ වන විට පවතින දැඩි නියඟය නිසා වියලුනු ස්වභාවය  දැඩිව කැපී පෙනිණි

බයිකතන් පාපැදිකරුවන්ට අමතරව ස්වේච්ඡා සේවකයෝත්, රොටරි සමාජයේ සාමාජික සාමාජිකාවෝත් අද දිනයේ වව්නියා නගරයේ ජනතාවට  1333 දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ වියහැකි ආකාරය ගැන දැනුවත් කිරීමේ කටයුතුවල දැඩි උනන්දුවකින් නිරත වූහ.

වව්නියාව නගරයේ ජනතාවද 1333 දුරකතන සේවයේ වටිනාකම තේරුම් ගනිමින් ක්‍රියාකාරීව එම අවස්ථාවන්ට සහභාගි වීම දක්නට ලැබිණ.

- 213


අදහස් (0)

බයිකතන් සවාරිය වව්නියාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.