Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බදුරලිය පිල වි:20 ශූරතාව දිනාගනී

බදුරලිය පිල වි:20 ශූරතාව දිනාගනී

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් සමාජ පළමු කොටසේ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බදුරලිය ක‍්‍රිකට් සමාජය සමත් විය. අනු ශූරතාව එස්.එස්.සී. පිලට හිමිවිය.

එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී අද (10) පැවැති අවසන් මහ තරගයේදී බදුරලිය ක‍්‍රීඩකයෝ ප‍්‍රබල එස්.එස්.සී. පිල ලකුණු 10 කින් පරාජය කිරීමට සමත් වූහ. මෙහිදී බදුරලිය පිල වෙනුවෙන් ගිහාන් රූපසිංහ (නොදැවී 74) සහ මිලින්ද සිරිවර්ධන (66) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

මිලින්ද සිරිවර්ධන පන්දු 37 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 66 ක් රැස් කළේය.

 

බදුරලිය ක‍්‍රිකට් සමාජය  ඕවර 20 කදී කඩුලූ 4 ට 176
(ගිහාන් රූපසිංහ නොදැවී 74, සුරේෂ් නිරෝෂාන් 11, මිලින්ද සිරිවර්ධන 66, මිතුන් ජයවික‍්‍රම නොදැවී 13, බිනුර ප‍්‍රනාන්දු 32/2, උපුල් බණ්ඩාර 28/2)

එස්.එස්.සී. පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 166
(ධනුෂ්ක ගුණතිලක 17, තිළිණ කණ්ඩම්බි 35, චාමර කපුගෙදර 36, දසුන් ශානක 28, සචිත‍්‍ර සේනානායක 20, කසුන් රජිත 26/4, ඇන්ඩි සොළමන්ස් 32/4)

 

- 048


අදහස් (0)

බදුරලිය පිල වි:20 ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.