Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කොළඹ වේළුවන විද්‍යාලයට එරෙහිව ලකුණු 181 ක ජයක් ලබාගැනීමට වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය අද (27 වැනිදා) සමත්විය. මෙම තරගය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
වේළුවන විද්‍යාලීය දෙවැනි ඉනිමේදී මලිඳු මනබරණ ලකුණු 38 කට කඩුලු 5 ක් සහ තදාසන් කළුනායක ලකුණු 8 කට කඩුලු 3 ක් දවාගනිමින් වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට ජයග්‍රහණය ගෙනදීමට සමත්වූහ.
බණ්ඩාරනායක ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 66.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 251
(මලිදු මනබරණ 75, මදුශංක පුෂ්පකුමාර 55, භාග්‍ය කළංසූරිය 32, දිමුක්ති චිරංතක 26, රිසිත රණසිංහ 09/2, රවිදු රසංක 09/2, දසන්ත ලක්ෂාන් 61/2)
වේළුවන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.2 කදී සියලුදෙනා දැවී ලකුණු 153
(පසිදු අනගිපුර 51, දසන්ත ලක්ෂාන් 37, මදුශංක පුෂ්පකුමාර 09/3, භාග්‍ය කළංසූරිය 40/3, කල්හාර ප්‍රනාන්දු 04/2, තදාසන් කළුනායක 27/2)
බණ්ඩාරනායක ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 155
(මදුශංක පුෂ්පකුමාර නොදැවී 53, අවිෂ්ක විජේසිරි 45, නිපුන් ගුණසේකර 20, දසන්ත ලක්ෂාන් 51/3)
වේළුවන විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.5 කදී සියලුදෙනා දැවී ලකුණු 72
(තරූෂ උස්ලියනගේ 21, මලිඳු මනබරණ 38/5, තදාසන් කළුනායක 08/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.