කොළඹ අශෝක විදුහල සහ වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල අතර වේයන්ගොඩදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට අශෝක විදුහල සමත් විය.
මුල් ඉනිමේදී ලකුණු 143 ක අවාසියකට මුහුණ දුන් බණ්ඩාරනායක විදුහල වෙනුවෙන් දෙවැනි ඉනිමේදී පිත්තෙන් දස්කම් පෙන්වූ මලිඳු මානාභරණ (61) ඇතුළු පිතිකරුවෝ තම පාසල වැටී තිබූ අසීරු අඩියෙන් ගොඩගත්හ. පිතිකරුවන්ගේ දෙවැනි ඉනිමේ දක්ෂතා නිසා අශෝක විදුහලට මුල් ඉනිමේ ජයකින් සෑහීමකට පත් වීමට සිදුවිය.
අශෝක විදුහලේ තරංග සම්පත් ලකුණු 96 කට කඩුලු 7 ක් දවාගනිමින්ද, බණ්ඩාරනායක විදුහලේ මලිඳු මානාභරණ ලකුණු 28 කට කඩුලු 6 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.
අශෝක විදුහල පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලු දෙනා දැවී 249
(ශෙහාන් ප්‍රියමාල් 95, මොහොමඞ් රිස්කාන් 36, පසන් ගුණතුංග නොදැවී 29, විමුක්ති චිරන්ත 69/3, මලිඳු මානාභරණ 19/2, චමත් කල්හාර 34/2)
බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම - ඕවර 26.1 කදී සියලු දෙනා දැවී 106
(සජිත් මධුසංක 34, විමුක්ති චිරන්තක 26, මලිඳු මානාභරණ 23, තරංග සම්පත් 15/4, උදේෂ් ඇල්විටිගල 1/2, රිචෙල් ප්‍රනාන්දු 14/2)
බණ්ඩාරනායක විදුහල දෙවැනි ඉනිම - ඕවර 85 කදී සියලු දෙනා දැවී 276
(මලිඳු මානාභරණ 61, ආසිරි ඉෂාන් 43, සජිත් මධුසංක 41, තිලින නිපුන් 45, තරංග සම්පත් 81/3)
අශෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 15 කදී කඩුලු 5 ක් දැවී 31
(මලිඳු මානාභරණ 9/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.