Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප‍්‍රසන්න වෙනුවට කිත්රුවන් යයි

ප‍්‍රසන්න වෙනුවට කිත්රුවන් යයි

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධන ආබාධයකට ලක්ව සිටීම නිසා එම ස්ථානයට යොවුන් පිතිකරු කිත්රුවන් විතානගේ ආදේශ කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ. කිත්රුවන් හෙට (17) එංගලන්තයට ළගා වීමට නියමිත බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ප‍්‍රසන්න ඇඟිල්ලක ආබාධයකට ලක්වූ අතර මේ හේතුවෙන් ප‍්‍රසන්න තරගයේ දෙවැනි දිනයේ ප‍්‍රමාදවී පන්දු රැකීමට පිටියට පිවිසියේය.

කෙසේ වෙතත් ප‍්‍රසන්න ජයවර්ධන ඉනිම දෙකේදීම පන්දුවට පහර දුන්නේය. 34 හැවිරිදි ප‍්‍රසන්න මේ වන විට ටෙස්ට් තරග 56 කට ක‍්‍රීඩා කර ඇති අතර එහිදී උඩ පන්දු 119 ක් සහ ස්ටම්ප් කිරීම් 32 ක් සමගින් දවා ගැනීම් 151 කට දායක වී තිබේ.
 
ටෙස්ට් තරග හතරකට ක‍්‍රීඩා කර ඇති 23 හැවිරිදි කිත්රුවන් ශතතයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 209 ක් රැස්කර ඇති අතර වමත් පිතිකරු කිත්රුවන්ගේ තරග හතරේදී ඉනිමක සාමාන්‍ය 69.66 කි.

 

- 048


අදහස් (3)

ප‍්‍රසන්න වෙනුවට කිත්රුවන් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.