පාකිස්ථානයේ ”ලාහෝර්” නුවරදී හෙට (30) ආරම්භ වන 11 වැනි ආසියානු (බටහිර කලාපීය බේස්බෝල් ශූරතාවලියේ ප‍්‍රධාන විනිසුරු ලෙස ශ්‍රී ලංකා බේස්බෝල් විනිසුරු සුජීව විජයනායක මහතා නම්කර තිබේ.
ආසියානු බේස්බෝල් සංගමය විසින් මෙම පත්වීම කර ඇති අතර විජයනායක මහතා දැනට දකුණු ආසියාවේ සිටින එකම අන්තර් ජාතික බේස්බෝල විනිසුරුවරයාද වන්නේය.
ශ්‍රී ලාංකිකයකු ආසියානු බේස්බෝල තරගාවලියක විනිසුරුවරයකු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව මෙයවේ.
මේ වනවිට ජපානයේ ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටල් ව්‍යාපෘතියක විධායක නිලධාරියකු ලෙස කටයුතු කරන විජයනායක මහතා එරට ජාතික බේස්බෝල ලීගයේ විනිසුරුවරයකු ලෙසත් කටයුතු කරන අතර ඔහු එරට දැනට සිටින එකම විදේශීය බේස්බෝල විනිසුරුවරයාද වන්නේය.
ජපානයේ සේවය කළත් ඔහු ශ්‍රී ලංකාවේ බේස්බෝල කී‍්‍රඩාව නැංවීම සඳහා වැඩසටහන් රැසකට දායකවී සිටින අතර දියගම පිහිටි ශ්‍රී ලංකා ජපන් මිත‍්‍රත්ව බේස්බෝල කී‍්‍රඩාංගණය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 8.5ක මුදලක් ඔහු සේවය කරන ”කැටෙෆායි හෝටෙල් සමාගම” වෙතින් ලබාදීමට හෙතෙම කටයුතු කළේය.
ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ තාක්ෂණික කමිටුවේ සභාපති ධුරය හා එහි ජපන් සම්බන්ධීකරණ විනිසුරුවරයා ලෙසත් ඔහු කටයුතු කරයි. මේ වනවිට ලොව ප‍්‍රධානතම අන්තර් ජාතික බේස්බෝල තරගාවලි ගනණාවකට විනිශ්චය සඳහා සහභාගිවී සිටින සුජීව විජයනායක මහතා කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.