Last Update  :  2025-07-01 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිසියට ලකුණු 140 ක දැවැන්ත ජයක්
අන්තර් සමාජ ක්‍රිකට්

පොලිසියට ලකුණු 140 ක දැවැන්ත ජයක්

editorial - 2025 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (1 වැනිදා) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 310 ක ඉලක්කයක් හඹාගිය පානදුර ක්‍රීඩකයන්ට ඕවර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 169 ක් පමණි. පානදුර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කවිඳු අමමෙත් පන්දු 70 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 40 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

දක්ෂ පන්දු යැවීමක නිතර වූ දිලුම් සුදීර ලකුණු 30 කට කඩුලු 3 ක් දවගනිමින් පානදුර පිතිකරුවන් අසරණ කළ අතර පානදුර කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර සඳහා ඔහුට අනගි සහායක් දුන් ප්‍රියමාල් පෙරේරා ලකුණු 36 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් පොලිස් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 309 ක් ලබාගත් අතර එහිදී අගනා පිතිහරඹයක නිරත වූ නායක අෂේන් බණ්ඩාර පන්දු 98 කින් ලකුණු 107 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගිනි. ආරම්භක පිතිකරු නදීර බාලසූරිය පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 59 ක් රැස්කළේය. 

විෂාද් රන්දික (37) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අෂේන්, ඉන් නොනැවතී ප්‍රියමාල් පෙරේරා (20) සමග එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 57 ක්ද, මනුජ චන්තුක (28) සමග එක්ව හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 59 ක්ද එක් කිරීමට සමත් විය. 


පොලිස් පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 309 
(නදීර බාලසූරිය 59, චතුරංග ජයතිලක 24, විෂාද් රන්දික 37, අෂේන් බණ්ඩාර නොදැවී 107, ප්‍රියමාල් පෙරේරා 20, මනෝජ් චන්තුක 28, සහන් මිහිර 50/2, නිමේෂ් විමුක්ති 61/2, අසංක මනෝජ් 82/2) 

පානදුර පිල - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 169 
(විෂේන් හැළඹගේ 21, සසිඤු මල්ෂාන් 30, කවිඳු අමමෙත් 40, චාර්ය පරණවිතාන 28, දිලුම් සුදීර 30/3, ප්‍රියමාල් පෙරේරා 36/2) 


අදහස් (0)

පොලිසියට ලකුණු 140 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.