Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලාඩ් ඩකා ඩයිනමයිට්ස් පිල දිනවයි

පොලාඩ් ඩකා ඩයිනමයිට්ස් පිල දිනවයි

ශනුක අරවින්ද - 2017 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සහ කුල්නා ටයිටන්ස් කණ්ඩායම අතර ඩකාහිදී අද (14 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹා ගිය ඩකා ඩයිනමයිට්ස් ක්‍රීඩකයෝ කඩුලු 6 ක් දැවී අවසන් ඕවරයේ 5 වැනි පන්දුවේදී එම ඉලක්කය සපුරාලූහ. 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජහුරුල් ඉස්ලාම් (නොදැවී 45) සහ මොසද්දික් හුසේන් (නොදැවී 14) ඩකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 39 කදී වාර්තා වූ ජහුරුල් ඉස්ලාම්ගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.

මුල් කඩුලු 4 ලකුණු 24 ක් තුළ බිඳවැටී අසීරු තත්ත්වයකට පත්ව තිබූ ඩකා කණ්ඩායම එම අසීරු තත්ත්වයෙන් ගොඩගැනීමට සමත් වූ කිරන් පොලාඞ් පන්දු 24 කදී වේගවත් ලකුණු 55 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ඩකා කණ්ඩායම ජයග්‍රාහී මාවත වෙත යෙමු කිරීම සඳහා පොලාඞ්ට අනගි සහායක් දුන් නායක සකීබ් අල් හසන් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 20 ක් රැස්කළේය.

කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ ශයිෆුල් ඉස්ලාම් ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත් අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 17 කට කඩුල්ලක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහදුන් කුල්නා ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ කාර්ලෝස් බ්‍රැත්වේට් පන්දු 29 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 64 ක් රැස්කළේය. රිලී රූසොව් (34) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බ්‍රැත්වේට් සමත් වූ අතර පන්දු 30 කදී වාර්තා වූ රූසොව්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරු අස්මුල් හුසෙන් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 24 ක් රැස්කරමින් කුල්නා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මෙම තරගය සඳහා සහභාගි නොවීය.

කුල්නා ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 156
(නස්මුල් හුසේන් 24, රිලී රොස්සොව් 34, මහමදුල්ලා 14, කාර්ලෝස් බ්‍රැත්වේට් නොදැවී 64, අබූ හයිඩර් 40/2)

ඩකා ඩයිනමයිට්ස් පිල - ඕවර 19.5 කදී කඩුලු 6 ක් දැවී 157  
(සකීබ් අල් හසන් 20, ජහුරුල් ඉස්ලාම් නොදැවී 45, කිරන් පොලාඞ් 55, මොසද්දික් හුසේන් නොදැවී 14, ශෆියුල් ඉස්ලාම් 24/2)

-036

 


අදහස් (0)

පොලාඩ් ඩකා ඩයිනමයිට්ස් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.