Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පූජ්‍ය බැසිල් වීරතුංග පියතුම පලිහ ශාන්ත ජෝෂප් විදුහලට

පූජ්‍ය බැසිල් වීරතුංග පියතුම පලිහ ශාන්ත ජෝෂප් විදුහලට

editorial - 2025 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පූජ්‍ය බැසිල් වීරතුංග පියතුම පලිහ වෙනුවෙන් 65 වැනි වරටත් පැවැති වාර්ෂික රග්බි තරගයෙන් ලකුණු 36-19 ක පහසු ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. 

අවසන් වරට 2018 වසරේදී පූජ්‍ය බැසිල් වීරතුංග පියතුම පලිහ දිනා සිටි ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩකයන් මෙවර ඊට හිමිකම් කීවේ වසර 7 කට පසුවය. මෙම තරගයේදී ජනිත් මාරසිංහ ශාන්ත ජෝෂප් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ශාන්ත පීතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම විෂේන්ක සිල්වාට පැවරී තිබිණ. 

ඉකුත් සිකුරාදා (22 වැනිදා) කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 26-05 ක් ලෙස ශාන්ත ජෝෂප් විදුහල ඉදිරියෙන් සිටියේය. එහිදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් මගින් ශාන්ත ජෝෂප් විදුහල ලකුණු ලබාගත් අතර ශාන්ත ජෝෂප් විදුහල ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ශාන්ත ජෝෂප් විදුහල උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු 10 ක් ලබාගනිද්දී, ශාන්ත පීතර ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු 14 ක් රැස්කිරීමට සමත් වූහ. එහෙත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව ශාන්ත ජෝෂප් විදුහලට මෙම තරගයෙන් ලකුණු 17 ක ජයක් හිමිවිය. 

ඇක්‍රොන් සමාගමේ ප්‍රධාන අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සෙසු අනුග්‍රාහකයන් ලෙස අලියන්ස් සමාගම, ප්‍රීමා සමාගම සහ ජෙට්වින් හෝටල් ජාලය කටයුතු කරයි. 


අදහස් (0)

පූජ්‍ය බැසිල් වීරතුංග පියතුම පලිහ ශාන්ත ජෝෂප් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.