Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුෂ්පකුමාරට 31 වැනි තැන මධුමාලිට 12 වැනි ස්ථානය

පුෂ්පකුමාරට 31 වැනි තැන මධුමාලිට 12 වැනි ස්ථානය

editorial - 2024 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

හොං කොංහිදී ඉරිදා (21 වැනිදා) නිමාවට පත්වූ ආසියානු මැරතන් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක සමන් පුෂ්පකුමාර පැය 2 විනාඩි 31 තත්පර 27කට පිරිමි ඉසව්වේ 31 වැනි ස්ථානය ලැබීය. එහි කාන්තා ඉසව්වට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා මධුමාලි පෙරේරා පැය 2 විනාඩි 45 තත්පර 33කට 12 වැනි ස්ථානයට පත්වූවාය. 

මෙම තරග නිමි කාලයන් ඊට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවන්ගේ මෙතෙක් හොඳම මැරතන් නිමි කාලයන් ලෙස වාර්තා වී තිබේ. පුෂ්පකුමාර මේ වන විට 40 හැවිරිදි වියේ පසුවන තරගකරුවෙකි. 

මෙවර හොං කොං මැරතන් තරගාවලියේ පිරිමි තරගයේ ජය හිමි වූයේ පැය 2 විනාඩි 12 තත්පර 50කට කෙන්යානු ක්‍රීඩක 27 හැවිරිදි ඇන්ඩර්සන් සෙරෝසි ටය. ශ්‍රී ලංකා ක්‍රීඩිකා මධුමාලි 12 වැනි තැනට පත් කළ කාන්තා ඉසව්වේ ජය හිමි වූයේ ඊට විනාඩි 18කට පෙර තරගය නිමා කිරීමට සමත් වූ (පැය 2 විනාඩි 28.47) ඉතියෝපියාවේ මෙදීනා ආමිනෝ ය.

මධුමාලි 26 හැවිරිදි ක්‍රීඩිකාවකි. රන් පදක්කම දිනාගත් ඉතියෝපියානු ක්‍රීඩිකාව 27 හැවිරිදිය. ශ්‍රී ලංකාව මේ දක්වා ජාත්‍යන්තර දක්‍ෂතා අතින් බොහෝ පසුපසින් සිටින මලල ක්‍රීඩා ඉසව්වක් වන මැරතන් කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව හිරුණි කේසරා විජේරත්න සතු වන අතර, ඒ, වසර 2019 දී පැය 2 විනාඩි 34 තත්පර 10කට ජර්මනියේදී පැවැති මැරතන් (කාන්තා) තරගයේදී දැක්වූ දක්‍ෂතාවයෙනි. 

ඒ අතර, වසර 2015 ලන්ඩන් මැරතන් (පිරිමි) තරගයේදී අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පැය 2 විනාඩි 13 ත්තපර 47ක දැක්වූ දක්‍ෂතාව තවමත් මැරතන් (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ලෙස පවතී. ඒ, වසර 1975 දී එල්.බී. රෝසා විසින් එතෙක් සතු කරගෙන තිබූ එහි ශ්‍රී ලංකා (පැරැණි) වාර්තාව (පැය 2 විනාඩි 14 තත්පර 31) බිඳ දමමිනි.


අදහස් (0)

පුෂ්පකුමාරට 31 වැනි තැන මධුමාලිට 12 වැනි ස්ථානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.