Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුත්තලමට ලකුණු 2 ක තියුණු ජයක්

පුත්තලමට ලකුණු 2 ක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප‍්‍රිමා කුසලාන අන්තර් දිස්ත‍්‍රික් ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී කොළඹ උතුර කළාප I පරදවා ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට පුත්තලම් දිස්ත‍්‍රික් පිල සමත්විය.

වෙන්නප්පුව ඇල්බට්.එෆ්.පීරීස් ක‍්‍රීඩාංගණයේදී තරගය අද (09 වැනිදා) පැවැත්විණ.

මුලින්ම පන්දුවට පහරදුන් පුත්තලම් දිස්ත‍්‍රික් පිල  ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 176 ක් පමණි. නිපුන් ධනංජය (55) අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය.

ලකුණු 177 ක ඉලක්කයක් හඹා ගිය කොළඹ උතුර කළාප I ඕවර 50 අවසානයේදී සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 174 ක් පමණි.


පුත්තලම් දිස්ත‍්‍රික්කය -  ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 176
(නිපුන් ධනංජය 55, සචිත් ශෙහාන් 29, ඇන්ටන් චමෝද් 24, ඉමේෂ ප‍්‍රනාන්දු 31/4, කවිශ්ක ලක්ෂාන් 36/3, දර්ශන ප‍්‍රනාන්දු 33/2)

කොළඹ උතුර කළාප I -  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 174
(කැමරොන් දුරුගේ 42, දර්ශන ප‍්‍රනාන්දු නොදැවී 28, නෙරංජන් ගමගේ 31/2, නිපුන් ධනංජය 32/2, නවෝද් යොහාන් 30/2)


අදහස් (0)

පුත්තලමට ලකුණු 2 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.