ඇන්ජලෝ මැතිව්ස් - ඒක හරිම දුර්වල තරග කිරීමක්. අපි අපේ නියම තත්ත්වයට ක්‍රීඩා කළේ නෑ. හරියට ක්‍රීඩකයන්ගේ නිවාඩු දවසක් වගේ. සම්පූර්ණ කණ්ඩායමේම දුර්වල තරගයක්. අපට කාලගුණය පාලනය කරන්න බැරි වුණත් අප ක්‍රීඩා කළේ හොඳටම දුර්වල ආකාරයෙන්....ඒ කොහොම වුණත් තාම ඉවර වුණේ එක තරගයයි. අපි විශ්වාසනීයත්වය අපි ළඟ තවම තියෙනවා
ඇලිස්ටෙයාර් කුක් - එය වෘත්තීය මට්ටමේ තරග කිරීමක්. අපි හිතුවා වගේම ක්‍රීඩාංගණයේ සහ දේශීය තත්ත්වයන් අපට හිතකරව තිබුණා. ඒත් ඒ හැම වෙලාවෙම නෙමෙයි. එහෙම වුණත් හැමෝම හොඳින් ක්‍රීඩා කළා. විශේෂයෙන් ඔවුන් (මාලිංග හමුවේ) ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ඕනෑම විශිෂ්ට ගනයේ පන්දු යවන්නෙක් අසාර්ථක වන දවස් තියෙන්න පුළුවන්. ඒ අතිරේක ලකුණු 30 තරගයේ විශාල වෙනසක් කළා
ක්‍රිස් ජෝර්ඩ්න් - මගේ කකුල ටිකක් ඇඹරුනා. ඒත් ඒක ලොකු දෙයක් නෙමේ. පන්දුවට රිදෙන්න පහර කිහිපයක් ගහලා මා හොඳට විනෝද වුණා. ආක්‍රමණශීලීව පන්දු යැවීමත් ඒ වගේම විනෝදජනකයි...කලින්දා පැවැති තරගයේ අසාර්ථක වීමෙන් පසුව අප කෙටි පන්දු යැවීම ගැන සාකච්ඡා කළා. කොහොම වුණත් එදා පරාජයෙන් පස්සේ මාලිංගට අපේ තරම පෙන්නන් පුළුවන් වුන එක නම් හොඳයි
ඕවර 11 කදී ලකුණු 108 ක් උදුරාගත් ක්‍රිස් ජෝර්ඩ්න් ප්‍රමුඛ එංගලන්ත පිතිකරුවෝ මෙම ජයග්‍රහණය එංගලන්තයට අත්කරදීමට පදනම දැමූහ.
ජෝ රූට් (45/41), ජොස් බට්ලර් (26/20) සහ ක්‍රිස් ජෝර්ඩ්න් (38/13) තිදෙනා එක්ව ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට පහර පිට පහර දෙමින් ලකුණු 247 ක් කරා එංගලන්තනය කැඳවාගෙන ගියහ. එමගින් ඇතිකරන ලද පීඩනය නිසා පළමු ඕවරයේ සිටම අමාරුවේ වැටුණු ශ්‍රී ලංකා පිල ලකුණු 144 කට සීමා විය.
ඕවර 27.5 - 144/10
ශ්‍රී ලංකා ඉනිම ලකුණු 144 කට සීමාවෙයි. ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව එංගලන්තයට ලකුණු 81 ක ජයක්.
ඕවර 24 - 123/8
ඕවර 4 කදී කඩුලු 4 ක් ඇද වැටෙයි. එංගලන්ත පන්දු යවන්නෝ තරගයේ වාසිය අත්කර ගනිති.
මහේල දැවී යයි - 88/4
ජේම්ස් ට්‍රෙඩවෙල්ගේ පන්දුවකට ගැසූ පහරකින් මිඩ් විකට්හි සිටි ඔයින් මෝගන් උඩපන්දුවක් රැකගනී
ඕවර 16 - 77/3
තවත් පන්දු 96 කදී ලකුණු 149 ක් ලබාගත යුතුයි
ඩිල්ෂන් දැවී යයි - 63/3
සීමාවෙන් ඉදිරියට පැමිණ ඩිල්ෂාන් ගැසූ පහරක් වැරදී යාමෙන් තර්ඩ්මෑන්හි සිටි ගැරී බැලන්ස්ට උඩපන්දුවක් ලැබෙි.
පස්වරු 7.55
තරගය නැවතත් පස්වරු 8.05 ට ආරම්භ කෙරෙනවා. ඕවර සංඛ්‍යාව 32 දක්වා අඩුකර ඉලක්කය ලකුණු 226 දක්වා සංශෝධනය කර තිබෙනවා. ඕවර 18.3 කදී තවත් ලකුණු 166 ක් ලබාගත යුතුයි.
දැන් මේ තරගය හරියට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබා දැවී ගොස් සිටි අවස්ථාවක විස්සයි20 තරගයක් වගේ.
පස්වරු 7.52
වර්ෂාව නැවතිලා..ක්‍රීඩාංගණ ආවරණ ඉවත් කෙරෙනවා. ඒත් ඕවර තවත් අඩු විය හැකියි
පස්වරු 7.50
කාලගුණ වාර්තා අනුව නම් තවදුරටත් වර්ෂාව පැවතිය හැකියි.
පස්වරු 7.35 - ඕවර 13.3 - 60/2
නැවතත් වර්ෂාව නිසා තරගය නවතයි. තවමත් යවා ඇත්තේ ඕවර 13.3 ක් පමණයි. මේ තරගයේ තීරණයක් ලැබීමට නම් ඕවර 20 ක් යැවිය යුතුයි.
ඕවර 9 - 35/2
මහේල ජයවර්ධන පරෙස්සමෙන් ස්ථාවර වීමේ උත්සාහයක. ඒ අතරේ ඩිල්ෂාන් ලකුණු කරා යනවා....සංගාත් දැවී ගොස් සිටින නිසා මේක හොඳ ක්‍රමයක්...එත් ශ්‍රී ලංකා පිල මේ යන්නේ ඉතාම අසීරු ගමනක්. පන්දු 180 කදී ලකුණු 224 ක්..මේක විස්සයි20 තරගයක් නොවන නිසා වැඩේ ටිකක් අමාරු පාටයි...ඒත්....
ඕවර 5.3 - සංගක්කාර දැවී යයි - 19/2
හැරී ගානිගේ පන්දුවකට මුහුණ දීම සඳහා ඉදිරි පාදයේ ක්‍රීඩා කළ සංගක්කාරගේ පිත්තේ ඇතුළත දාරයේ වැදුණු පන්දුව කඩුල්ල වෙත ඇදී එයි.
ඕවර 0.5 - තිරිමාන්න දැවීයයි - 00/1
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වී යැවූ පළමු ඕවරයේදීම තිරිමාන්න දැවී යයි. පිතිකරුවා දෙසට අැදී ආ පන්දුව තිරිමාන්නගේ පා ආවරණයේ වදී. කඩුල්ල මුවා කිරීමේ වරදට තිරිමාන්න දැවී ගිය බව විනිසුරුවරයා තීරණය කළද තිරිමාන්න විනිසුරු තීරණය විමසයි. ප්‍රතිඵලය දැවී යාම සනාථ වීමත් වි.තී.වි. අවස්ථාවක් අහිමි වීමත් පමණි.
සචිත්‍ර සේනානායක ඕවර 8 කදී ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගනිද්දී ලසිත් මාලිංගගේ ඕවර 8 න් ලකුණු 71 ක්ද නුවන් කුලසේකරගේ ඕවර 8 න් ලකුණු 60 ක් ද ලබාගැනීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වෙති. ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ලකුණු 259 කි.
ඕවර 39 - 247/6
අවසන් ඕවරයේදී තවත් ලකුණු 19 ක්. මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්වෙයි. බට්ලර් සහ ජෝර්ඩ්න් දෙදෙනාගේ ලකුණු ලබාගැනීම පිළිවෙලින් 1, 1, 6, 1, 4, 6, ලෙස සටහන් වේ. ක්‍රිස් ජොර්ඩ්න්ගෙන් පන්දු 13 කදී ලකුණු 38 ක්
ඕවර 38 - 228/6
ඒ ඕවරයේදී කුලේගෙන් ලකුණු 19 ක් උදුරා ගැනීමට ජොස් බට්ලර් සහ ක්‍රිස් ජෝර්ඩ්න් සමත් වෙති. පළමු පන්දුවට බට්ලර් ලකුණක් ගත්තාට පසුව ජෝර්ඩ්න්ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 4, 6, 2, 2, 4 ලෙසිනි
ඕවර 37 - 209/6
තවත් ඕවර 2 ක් ඉතිරියි. මාලිංග තුන්වැනි වයිඩ් පන්දුවත් යැව්වා. පිට ඉන්නට එපිටින් යෝකර් පන්දු යැවීමේ උත්සාහය නිසා වයිඩ් පන්දු යැවෙනවා වගෙයි
ඕවර 35.2 - ජෝ රූට් දැවීයයි 193/6
නුවන් කුලසේකරගේ පන්දුවකට ස්ලොග් ස්වීප් පහරක් ගැසීමට ගිය ජෝ රූට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යයි. රූට් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයේ සහය බලාපොරොත්තු වුවද රූට් දැවී ගිය බව රූපවාහිනියෙන්ද තහවුරු වෙයි.
ඕවර 34 - 178/5
නුවන් කුලසේකර සහ ලසිත් මාලිංගගේ ඕවර 2 කදී ලකුණු 24 ක් ලබාගත් ජෝ රූට් සහ ජොස් බට්ලර් දෙදෙනා එංගලන්තයට වැඩි ලකුණු සංඛ්‍යාවක් දීමට සැරසෙති
බොපාරා දැවී යයි - 152/5
පිට ඉන්නට එපිටින් පතිත වූ සේනානායකගේ පන්දුවක් බොපාරාගේ පාදයේ වදී. ස්වීප් පහරක් ගැසීමට ගිය බොපාරා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යයි. මේ සේනානායකගේ තුන්වැනි කඩුල්ලයි. ඉතාමත් හොඳ පන්දු යැවීමක්...
බැලන්ස් දැවී යයි - 145/4
සේනානායකගේ පන්දුවකට පුල් පහරක් ගැසීමට ගිය ගැරී බැලන්ස් ලකුණු 64 කට දැවී යයි. මිඩ් විකට් කලාපයට ඉහළින් ඇදී ගිය පන්දුව හතරේ සීමාව අසළ සිටි චන්දිමාල් උඩපන්දුවක් ලෙස රැකගනී. තමාගේ 7 වැනි එක්දින තරගයට ක්‍රීඩාකරන බැලන්ස් සිම්බාබ්වේහි උපත ලද ක්‍රීඩකයෙක්. ඔහු වසර 5 කට පමණ ඉහතදී සිම්බාබ්වේ 19 න් පහළ පිලටත් ක්‍රීඩා කළා.
ඕවර 28 - 139/3
ලකුණු වේගය තවමත් 5.00 ට වඩා අඩුයි. තවත් ඕවර 11 ක් පමණයි ඉතිරි වී ඇත්තේ. එංගලන්ත පිතිකරුවන්ට තව ලකුණු කීයක් ලබාගත හැකිවේද ? මාලිංග නැවතත් පන්දුව අතට අරන්..
ඕවර 24 - 112/3
මැතිව්ස් සහ සේනානායක දෙදෙනා එංගලන්ත පිතිකරුවන් තරමක් පාලනය කරලා. තරගය දෙවැනි වර ආරම්භ වීමෙන් පසුව යැවුණු ඕවර 3 දී ලකුණු 11 ක් පමණයි..වේගය අඩාල කරමින් යවන මැතිව්ස්ගේ පන්දුව එංගලන්ත පිතිකරුවන්ට ප්‍රෙහ්ළිකාවක් වගේ...
ඕවර 21.3 - මෝගන් දැවී යයි. එංගලන්ත පිලේ ප්‍රහාරාත්මක පිතිකරුවකු වන ඔයින් මෝගන් දැවී යයි. පිට ඉන්නට එපිටින් පතිත වූ සචිත්‍ර සේනානායකගේ පන්දුව මෝගන්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල තුළට ඇදී එයි
පස්වරු 5.00 - තරගය ඇරඹෙයි
පස්වරු 4.40 - ශ්‍රී ලංකා ඉනිමේදී පළමු අධිවේගී ඕවර සංඛ්‍යාව 8 කට සීමා වෙනවා. පිතිකරුවන්ගේ අභිමතය පරිදි ලැබෙන අධිවේගී ඕවර සංඛ්‍යාව 4 කට සීමා වෙනවා.
පස්වරු 4.38 - හොඳ ආරංචියක්...පස්වරු 5.00 ට තරගය ආරම්භ කරන්න තීරණය වුණා. එක පිලකට ඕවර 39 ක් පමණයි. එංගලන්ත පිලට තවත් ඕවර 18.2 ක් ඉතිරියි..කාලගුණ තත්ත්වය යහපත් කියා කාලගුණ වාර්තා විශේෂඥයන් කියනවා.
පස්වරු 4.30 - විනිසුරුවරුන් දෙවැනි වතාවටත් ක්‍රීඩාංගණය පරීක්ෂා කිරිමට පිටියට ගිහින්.මොනවා හරි සුබදායක පණිවුඩයක් බලාපොරොත්තුව ඉඳිමු
පස්වරු 3.45 - වර්ෂාව නැවතී තිබෙන හෙයින් පස්වරු 4.00 ක්‍රීඩාංගණය පරීක්ෂා කිරීමෙන් පසුව තරගය පිළිබඳව තීරණයක් ගැනීමට විනිසුරු දෙදෙනා එකඟ වෙති. නවසීලන්ත ජාතිකයන් වන රොබට් බේලි සහ ක්‍රිස් ග්‍රැෆනි යන මහත්වරු මෙම තරගයේ විනිසුරුවරු ලෙස කටයුතු කරති. තරග තීරකවරයා වන්නේද නවසීලන්ත ජාතිකයකු වන ජෙෆ් ක්‍රෝ මහතාය.
පස්වරු 2.30 - එංගලන්තය 101/2
බෙල්ගේ දැවීයාමත් සමගම ඇදැ හැළුණු වර්ෂාව නිසා ක්‍රීඩකයෝ ක්‍රීඩාගාරයට දිවයති. තරගය තාවකාලිකව නතර කරයි
ඕවර 20.4 බෙල් දැවී යයි - ලසිත් මාලිංගගේ අනගි උඩ පන්දු රැකීමකින් ඉයන් බෙල් ලකුණු 50 කට දැවී යයි. තරමක් ඉහළ නැඟුණු මැතිව්ස්ගේ පන්දුවට බෙල් ගැසූ පුල් පහර නියමිත තත්ත්පර කිහිපයකින් ප්‍රමාද වීම නිසා ස්වෙයාර්ලෙග් හි සිටි ලසිත් මාලිංගට උඩපන්දුවක් ලැබෙයි..සිය හිස්වැස්ම සුළඟේ යද්දී මාලිංග උඩපන්දුව රැකගනී...
ඕවර 20 - 101/1
20 වැනි ඕවරය යැවීමට සචිත්‍ර සේනානායක පැමිණෙයි. අද තරගයේදී ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතුරින් එකම දඟ පන්දු යවන්නා වන්නේ සේනානායකයි. ඒත් අවශ්‍ය නම් තිලකරත්න ඩිල්ෂාන්ටත් පිට දඟ පන්දු යැවිය හැනියි.
ඕවර 17 - 90/1
තරගයේ සිසිල් පැන් විවේකය.. ඕවර 17 කදී කඩුලු 1 ට ලකුණු 90 ක්. එංගලන්තය ස්ථාවර තත්ත්වයක. ඉයන් බෙල් සහ ගැරී බැලන්ස් අතර දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 70 කදී ලකුණු 69 ක්.
ඕවර 16 - 81/1
ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීමට ඇවිදින්...ඒ ඕවරයේදී ලකුණු 10 ක් ගත්තා
ඕවර 14 - 64/1
ඩිල්ෂාන්ගෙන් විශිෂ්ට පන්දු රැකීමක්. ස්ථිර වශයෙන්ම නවත්වා ගත්තේ හතරේ සීමාවට යන පන්දුවක්..පිට පිටම දෙවැනි වතාවටත් ඩිල්ෂාන් හතරේ පහරක් නවතා ගනී.
ඕවර 13 - 61/1
ඉයන් බෙල්ගෙන් තිසරට හයේ පහරක්...පන්දු යවන්නාගේ හිසට ඉහළින් අලංකාර ඕෆ් ඩ්‍රයිව් පහරක්.. බෙල්ගේ කට් පහරකින් ඉහළ ගිය පන්දුව මාලිංගට අඩි කිහිපයක් ඉදිරියෙන් බිම වැටෙයි. ඒත් එය උඩපන්දුවක් නොවේ. උඩපන්දුව රැකගන්න ගියා නම් ලකුණු 4 ක් යන්නත් තිබුණා.
ඕවර 12 - 52/1
තිසර පෙරේරා පන්දු යැවීමට එයි..
ඕවර 10 - 39/1
කුලේ යැවූ 10 වැනි ඕයරයට එක ලකුණයි. පළමු ඕවර 10 දී එංගලන්තයට ලකුණු 39 ක්. ඕවරයකට ලකුණු 3.9 යි. සාර්ථක පන්දු යැවීමක්
ඕවර 9 - 38/1
සුරංග ලක්මාල්ගේ ඕවරයට ලකුණු 2 ක් පමණයි. සාර්ථක පන්දු යැවීමක්...
ඕවර 8 - 36/1
මේ කුමාර් සංගක්කාරගේ 370 වැනි එක්දින තරගයයි. දැනට කඩුලු රකින්නකු වශයෙන් උඩපන්දු 346 ක් රැකගෙන සිටින සංගක්කාර ස්ටම්ප් කිරීම් 88 ලබාගෙන සිටිනවා. සම්පූර්ණ දවාගැනීම් 434 යි...ලයිස්තුවේ දෙවැනි .තැන.. පළමු වැන්නා තරග 287 කදී දවාගැනීම් 472 ක් ලබාගත් ඕස්ට්‍රෙිලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට්
ඕවර 7 - 28/1
කුක් දැවී ගියත් ඉයන් බෙල් දිගටම ලකුණු රැස්කිරීමේ යෙදී සිටිනවා. ගැරී බැලන්ස්, වමත් පිතිකරුවා ඉතාමත් අලංකාර පහර කිහිපයකින් ලකුණු ලබාගන්නවා.
ඕවර 5.2 - 22/1
කුක් දැවී යයි - පිට ඉන්නට එපිටින් පතිත වූ කුලසේකරගේ පන්දුව වැටෙන ස්ථානය සොයා ඇදී ගිය ඇලිස්ටෙයාර් කුක් ඩ්‍රයිව් පහරක් ගැසීමට ගිය නමුත් පිත්තේ දාරයේ ගැටුණු පන්දුව කඩුලු රකින සංගක්කාර වෙත ඇදී යයි.
ඕවර 4.0 - 17/0
පන්දු යැවීමට සුරංග ලක්මාල් පැමිණෙයි. මුල් ඕවර 4 දී කුලසේකර සහ මාලිංග දෙදෙනා සාර්ථක පන්දු යැවීමක..එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා පරෙස්සමෙන් පිති හසුරුවති.
---------------------------------------------------------------------------------------------------
ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ (දිවා) කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
විස්සයි20 තරගයට සහභාගි නොවූ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මෙම තරගයට කී‍්‍රඩා කරන හෙයින්දෝ ආරම්භක පිතිකරු කුසල් පෙරේරාට ස්ථානය සිය ස්ථානය පරිත්‍යාග කිරීමට සිදුවී තිබේ. අද තරගයේදී උපනායක ළහිරු තිරිමාන්න ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.
ශ‍්‍රී ලංකා කණ්ඩායම
තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග
එංගලන්ත කණ්ඩායම
ඇලිස්ටයාර් කුක්, ඉයන් බෙල්, ගැරී බැලන්ස්, ජෝ රූට්, ඔයින් මෝගන්, රවී බොපාරා, ජොස් බට්ලර්, කි‍්‍රස් ජෝඩ්න්, ජේම්ස් ටේරඩ්වෙල්, ජේම්ස් ඇන්ඩසන්, හැරී ගානි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.