ශ්‍රී ලංකා පැරලිම්පික් කමිටුව සංවිධානය කරන ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය මේ මස 20 සහ 21 යන දිනවලදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී ජවන හා පිටිය ඉසව් 180 ක් පමණ පැවැත්වීමට නියමිතය.
දිවයින පුරා ක්‍රීඩා සමාජ 40 ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 800 කට වැඩි පිරිසක් තරගාවලියට සහභාගි වීමට නියමිතය. ඊට පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝද ඇතුළත්ව සිටිති.
මේ මස 20 වැනිදා පෙරවරු 8.30 ට පැවැත්වෙන සමාරම්භක උළෙලෙන් තරගාවලිය නිල වශයෙන් ආරම්භවන අතර 21 වැනිදා පස්වරු 3.00 ට පැවැත්වෙන සමාප්ති උළෙලෙන් එහි නිමාව සනිටුහන් වනු ඇත. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.