Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැපුවා නිව්ගිනියාවට ශ්‍රී ලංකාව පරදී

පැපුවා නිව්ගිනියාවට ශ්‍රී ලංකාව පරදී

editorial - 2023 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පැපුවා නිව්ගිනියාවට ඊයේ (25) පැවැති තරගයක දී ශ්‍රී ලංකාව ලකුණු 67 – 51 කට පරාජය වීමෙන් සිංගප්පූරවේදී දැන් පැවැත්වෙන සයකොන් ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගයේ අපේක්ෂාවන්ගෙන් ශ්‍රී ලංකාවට ඉවත්වීමට සිදුවිය.

හෙට (27) ශ්‍රී ලංකාව සත්කාරක සිංගප්පූරුවට එරෙහිව සහභාගි වන තරගය තීරණාත්මක වන්නේ ඉන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමේ තරගයක් ඔවුන්ට අහිමි වන බැවිනි.

වත්මන් ආසියානු ශූරියන් ලෙස ශ්‍රී ලංකාවට හෙට තරගය වැදගත් වන්නේ පැවැති ලෝක ශූරතා තරගාවලියේදී ඔවුන් සිංගප්පූරුවට දෙවතාවක්ම පරාජයට පත්ව තිබෙන බැවිනි. ඊයේ පැපුවා නිව්ගිනියාව විසින් ශ්‍රී ලංකාව වට හතරේ දී පරාජයට පත් කළේ 13/11 – 14/18 – 09/16 හා 15/22 ක් පරිදිය.


අදහස් (0)

පැපුවා නිව්ගිනියාවට ශ්‍රී ලංකාව පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.