Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් රග්බි තරග 7 ක් මේ සති අන්තයේ

පාසල් රග්බි තරග 7 ක් මේ සති අන්තයේ

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සතිය යටතේ මෙම සති අන්තයේ කුසලාන ශූරතා තරග හතරක් ඇතුළුව තරග හතක් පැවැත්වේ.

කුසලාන ශූරතා ප‍්‍රසාද ලකුණු සටහනේ අපරාජිතව පළමු ස්ථානයේ සිටින ඉසිපතන විදුහල සහ පස්වැනි ස්ථානයේ සිටින ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර තරගය හෙට (07) ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය රග්බි පිටියේදී පැවැත්වේ.

කොළඹ රාජකීය විදුහල ද අපරාජිකව ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන අතර සිවුවැනි ස්ථානයේ සිටින ශාන්ත පීතර විදුහල අතර තරගය අද (06) බම්බලපිටියේදී පැවැත්වේ.

මෙම සියලූම තරග පස්වරු 4.15 ට ආරම්භ වීමට නියමිතය.

අද (05) පැවැත්වෙන තරග

  • මොරටුව වේල්ස් කුමර විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී
  • වෙස්ලි විදුහල සහ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල අතර සී. ආර්. පිටියේදී


හෙට (06) පැවැත්වෙන තරග

කුසලාන ශූරතාව

  • කොළඹ රාජකීය විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර බම්බලපිටියේදී
  • ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී
  • මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර පල්ලෙකැළේ රග්බි පිටියේදී
  • පළඟ ශූරතාව
  • මහනුවර ධර්මරාජ විදුහල සහ තර්ස්ටන් විදුහල අතර බෝගම්බර පිටියේදී
  • අනිද්දා (07) පැවැත්වෙන තරගය
  • ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ඉසිපතන විදුහල අතර ගල්කිස්සේදී

 

 


අදහස් (0)

පාසල් රග්බි තරග 7 ක් මේ සති අන්තයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.