විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර පිළිගැනීමේ උත්සවයක් ඊයේ (30) ඔහු ඉගෙන ගත් පාසල වන ගම්පහ බණ්ඩාරනායක විදුහලේදී පැවැත්විණි.
බණ්ඩාරනායක විදුහල්පති ලාල් දිසානායක මහතා ආචාර්ය මණ්ඩලය හා සිසුන් විසින් මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කරනු ලැබ තිබිණ. විදුහල්පති ලාල් දිසානායක මහතා අතින් නුවන් කුලසේකරට උපහාර තිළිණයක් ද පිළිගන්වන ලදී.
නුවන් කුලසේකර කියා සිටියේ බණ්ඩාරනායක විදුහල තම ක‍්‍රීඩා දිවියේ තිඹිරිගෙය බවත්, මෙම විදුහලින් තවත් ක‍්‍රීඩකයින් බිහිවීම දැකීම තම අපේක්ෂාව බවත්ය.
මෙම අවස්ථාවට පාසලේ ක‍්‍රිකට් පුහුණුකරු කණිෂ්ක අමරසිංහ, ආචාර්ය මණ්ඩලය, සිසුන් හා විදුහලේ ක‍්‍රිකට් සංගමයේ භාණ්ඩාගාරික මහේෂ් නානායක්කාර යන මහත්වරු ද එක් වී සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.