Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් අයෝමය ශිෂ්‍යයා තෝරයි

පාසල් අයෝමය ශිෂ්‍යයා තෝරයි

editorial - 2023 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් සවි එසවීමේ සහ කායවර්ධන සංගමය විසින් සංවිධානය කරනු ලබන පාසල් අයෝමය ශිෂ්‍යයා තේරීමේ තරගාවලිය ඔක්තෝබර් මස 14 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයේ නවරඟහල ශාලාවේදී පැවැත්වෙයි. මෙම තරගාවලිය වයස අවුරුදු 14 සිට 20 දක්වා වන පාසල් සිසුන්ට විවෘත වේ.

අයැදුම්පත් ලබාගැනීමට හෝ වැඩි විස්තර සඳහා නියෝජ්‍ය ලේකම්, ශ්‍රී ලංකා පාසල් සවි එසවීමේ සහ කායවර්ධන සංගමය, ඉසිපතන විද්‍යාලය, කොළඹ 05 යන ලිපිනයෙන් විමසීම් කළ හැකිය. නැතහොත් දුරකතන අංක 0714-463837 ඔස්සේ විමසීම් කළ හැකිය.

සියලුම අයැදුම්පත්, අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිර්දේශය ද සහිතව, ඔක්තෝබර් මස 12 වැනිදාට පෙර ශ්‍රී ලංකා පාසල් සවි එසවීමේ සහ කායවර්ධන සංගමයේ නියෝජ්‍ය ලේකම්වරයා වෙත යොමුකළ යුතුය.

- 213


අදහස් (0)

පාසල් අයෝමය ශිෂ්‍යයා තෝරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.