ආර්ජන්ටිනාවේදී පැවැති යොවුන් ඔලිම්පික් කීුඩා උළෙලේදී මීටර් 2000 බාධක දිවීමේ තරඟයෙන් ලෝකඩ පදක්කම දිනාගත් මලල ක්‍රීඩිකා පාරමී වසන්තිට ලක්ෂ 30 ක් පමණ වටිනා නිවසක් පිරිනමන ලදි. බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේමදාස මහතා විසින් අද (26 වැනිදා) පෙරවරුවේදී මෙම නිවස ඇයට පරිත්‍යාග කරන ලදි.
හලාවත ප්‍රදේශයේ ක්‍රීඩිකාවක් වන පාරමී වසන්ති කීුඩිකාවගේ පුහුණුවීම් සාර්ථකව කරගෙන සඳහා මොරටුව, අඟුලාන ප්‍රදේශයේ පිහිටි ‘සයුරුපුර’ නිවාස සංකීර්ණයේ නිවසක් ඇයට පරිත්‍යාග කෙරිණ. පාරමී වසන්ති ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගනිමින් ලංකාවට කීර්තියක් ගෙනදුන් මළල කීුඩිකාවකි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ ශාන්ත අබේසේකර යන මහත්වරුන්ද පාරමී වසන්තිගේ මව වන එම්. රීටා මාග්‍රට් මහත්මියද පියා වන කේ. එම්. අන්තෝනි තියර්ඩෝර් සහ පුහුණුකරුවා වන ජනිත ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.