Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි නිලවරණ කමිටුව අසුන් ගන්නටත් කලින් ගෙදර

පාපැදි නිලවරණ කමිටුව අසුන් ගන්නටත් කලින් ගෙදර

editorial - 2024 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ එළඹෙන නිලවරණය (2024-25) සැලසුම් කිරීම සඳහා පෙරේදා (12) පැවැති විශේෂ මහා සභා රැස්වීමේ දී පත්කර ගන්නා ලද නිලවරණ කමිටුව වෙනුවට අලුතින් යළිත් නිලවරණ කමිටුවක් නිර්දේශ කර ගැනීමට පාපැදි සම්මේලනයේ විධායක සභාව තීරණය කර තිබේ.

ඒ සඳහා යළිත් විශේෂ මහා සභා රැස්වීමක් මෙම 26 වැනිදා පෙරවරු 9.30 ට ටොරින්ටන් පෙදෙසේ ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ කැඳවීමට නියමිතය.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් පෙරේදා (12) පැවැති පාපැදි සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමේ දී පත්කර ගනු ලැබීය.

ඒ සඳහා පාපැදි සම්මේලනයේ ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් 57 ක් සහභාගි වී තිබේ. එහිදී වි​ශේෂත්වයක් ගෙන තිබෙන්නේ හිටපු සභාපතිවරයකු වන ජාත්‍යන්තර පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාගේ පාර්ශ්වය කලකට පසුව මෙම විශේෂ මහ සභා රැස්වීම් අවස්ථාවට සහභාගි වී සිටීමයි.

ඒ අනුව නිලවරණ කමිටුවට ඉදිරිපත් වූ නාමයෝජනා අනුමැතියට එම පාර්ශ්වයේ ද සහ​යෝගය ලැබී තිබේ. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චිගේ මහතා ‘ලංකාදීප’ ය කළ විමසුමකදී පැවසුවේ අඟහරුවාදා (12) විශේෂ මහා සභා රැස්වීමේ එසේ නිලවරණ කමිටුවට නිර්දේශ කර ගත් නිලධාරීන් දෙදෙනකු එම පත් කිරීම් සම්බන්ධයෙන් තමන් දැනුවත් නොවී සිටි බවට ඔවුන්ගෙන් කළ විමසීම්වල දී දැනගන්නට ලැබුණු බවයි.

මේ අතර පාපැදි සම්මේලනයේ විධායක සභාව නිරීක්ෂණය කර ඇති පරිදි නිලවරණ කමිටුවේ සභාපති ධුරයට නිර්දේශ කළ නිලධාරියකු චෝදනා ලැබූවෙකි. මේ සම්බන්ධයෙන් නලින් අධිකාරිආරච්චිගේ මහතා මෙසේද පැවසීය.

නිලවරණ කමිටුවට නිර්දේශ වූ නාම යෝජනා සම්බන්ධයෙන් ඇතිවූ මෙම ගැටලුකාරි තත්ත්වයන් ගැන එම පාපැදි සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා දැනුවත් කිරීමෙන් පසුව අඟහරුවාදා  රාත්‍රියේම ‘සූම්’ තාක්ෂණය ඔස්සේ විධායක  සභාව රැස් කරමින් සාකච්ඡා කළා. එතනදි ගත් තීරණයන් තමයි දැන් ක්‍රියාත්මක කරන්න යන්නේ.


අදහස් (0)

පාපැදි නිලවරණ කමිටුව අසුන් ගන්නටත් කලින් ගෙදර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.