ශ්‍රී ලංකා ටෙලිකොම් දිස්ත්‍රික් පාපැදි (ස්ටෑන්ඩඞ්) තරග මාලාවේ අවසන් තරගය ලබන ඉරිදා (7) ගම්පහ ටෙලිකොම් ආයතනය ඉදිරිපිටින් ආරම්භ වේ. කිලෝමීටර් 112 ක දුරකින් සමන්විත මෙම ස්ටැන්ඩඞ් පාපැදි තරගය එදින පෙරවරු 9.00 ට එම ස්ථානයෙන් ගමන් අරඹයි.
උඩුගම්පල, දිවුලපිටිය, මීරිගම, පස්යාල, නිට්ටඹුව, යක්කල, කිරිල්ලවල, කඩවත, පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක ඔස්සේ මීගමුව ටෙලිකොම් ආයතනය ඉදිරිපිටින් තරගය අවසන් කෙරේ.
මෙම තරගයට තරගකරුවන් විශාල ගණනක් සහභාගි වන අතර ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග ප්රදානය කිරීමට අමතරව 15 වැනි ස්ථානය දක්වා ටෙලිකොම් ආයතනය වෙතින් ක්‍රීඩකයන්ට වසරක නොමිලේ අන්තර් ජාල පහසුකම් ලබා දෙන බව ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති සුමිත් බාලසූරිය මහතා පවසයි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.