Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු ශූරතාව කළුතර බ්ලූ ස්ටාර්ස් පිලට

පාපන්දු ශූරතාව කළුතර බ්ලූ ස්ටාර්ස් පිලට

editorial - 2024 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(සටහන හා ඡායාරූප කළුතර සුනිල් එස් තන්ත්‍රිආරච්චි)

කළුතර පාපන්දු ලීගය මගින් සංවිධානය කරන ලද කළුතර දිස්ත්‍රික් අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ ශූරතාව කළුතර බ්ලූ ස්ටාර්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදි. අවසන් මහ තරඟය කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි .

එහිදී කළුතර බ්ලූ ස්ටාර්ස් සහ කළුතර එයාර් ලංකා යන කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් ලබා ගත් අතර පසුව දඬුවම් පහර මගින් ගෝල 04 - 01 ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ශූරතාවය හිමි කර ගැනීමට කළුතර බ්ලූ ස්ටාර්ස් ක්‍රීඩා සමාජය සමත් විය .

ඒ අනුව මුදලින් රුපියල් ලක්ෂයක් සහ ශූරතා කුසලානය බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.

අනුශූරතාවය දිනූ එයාර්ලංකා කංඩායමට මුදලින් රුපියල් 50 දාහක් සහ අනුශූරතා කුසලානය හිමි විය .

දක්ෂතම ක්‍රීඩකයාවූ බ්ලූ ස්ටාර්ස් කණ්ඩායමේ ශෙනාල් සංදේෂ් මුදලින් රුපියල් 10,000 සමග කුසලාන හිමි කර ගන්නා ලදී .

අවසන් මහ තරඟයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනයේ උප සභාපති හා කළුතර පාපන්දු ලීගයේ සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා සහභාගි විය. වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා විසින්  බ්ලූ ස්ටාර්ස් පිලේ නායක මොහොමඩ් ෆර්සීන්ට ශූරතා කුසලානයත් දක්ෂතම ක්‍රීඩක ශෙනාල් සංදේෂ් හිමි කුසලානයත් පිරිනමන ලද ආකාරය  ඡායාරූපවලින් දැක්වේ.


අදහස් (0)

පාපන්දු ශූරතාව කළුතර බ්ලූ ස්ටාර්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.