Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු නිලවරණය අගෝස්තු 31 දා

පාපන්දු නිලවරණය අගෝස්තු 31 දා

editorial - 2022 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2022–26) ලබන අගෝස්තු 31 වැනිදා පැවැත්වීමට දැන් තීරණය වී තිබේ. නිලවරණය කැඳවීමේ මූලික පියවර ලෙස ලබන ජූලි 20 වැනිදා පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට කටයුතු යොදා ඇත. නිලවරණ මෙහෙයුම් කමිටුව පත් කිරීමද එහිදී සිදු කෙරේ.

කැඳවීමට නියමිත නිලවරණය හා විශේෂ මහ සභා රැස්වීම පැවැත්වෙන ස්ථාන මෙතෙක් තීරණය වී නැත. ඒ පිළිබඳව අවසන් තීරණ ගැනීම ලබන ජුලි 6 වැනිදා කැඳවීමට නියමිත පාපන්දු ආයතනයේ විධායක කමිටු රැස්වීමේදී තීරණය කෙරේ.
පොළොන්නරුවේදී පසුගිය මැයි 17 වැනිදා පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට සූදානම් කර තිබියදී අධිකරණයේ නියෝගයකින් එය අත්හිටුවීමට සිදුවිය. එම රැස්වීමේ අරමුණ වූයේ ද නිලවරණය කැඳවීමට පෙර සිදු කළ යුතු පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත අනුමත කර ගනිමින් ජුලි 30 වැනිදා හෝ ආසන්න දිනයකදී පැවැත්වීමට සැලසුම් කර තිබූ නිලවරණය සඳහා මෙහෙයුම් කමිටුව පත්කර ගැනීමත්ය.

ජුලි 20 වැනිදා නැවත කැඳවෙන විශේෂ මහ සභා රැස්වීමේදී එම කටයුතු සම්පූර්ණ කර ගැනීමට පාපන්දු ආයතනය අපේක්ෂා කරයි.

වත්මන් සභාපති ජස්වර් උමාර් මහතා යළිත් පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා බාර දීමට අපේක්ෂා කරයි. ඔහු සමග පසුගිය නිලවරණයේදී (2021-22) තරග වැදුණු කළුතර පාපන්දු ලීගයේ සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා මෙවරත් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වනු ඇතැයි වාර්තා වේ.

වත්මන් විධායක සභාවේ බහුතරයක් ජස්වර් උමාර් මහතාගේ පාර්ශ්වයෙන් යළිත් එම ධුර සඳහා තරග වදිනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර පසුගිය කවුන්සිල් රැස්වීමේදී ගත් තීරණයන්ට අනුව පාපන්දු ආයතනයේ හිටපු සභාපති අනුර ද සිල්වා මහතා සිය ධුර කාලයේ සිදුවීම් කීපයකදී වගකීමෙන් තොරව කටයුතු කර ඇතැයි චෝදනා කරමින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් වේ.

ඒ අතරම මැයි 17 වැනිදා පොළොන්නරුවේදී කැඳවීමට නියමිතව තිබූ විශේෂ මහ සභා රැස්වීමට එරෙහිව අධිකරණයේ වාරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළ බව කියන ගම්පොළ පාපන්දු ලීගයේ ලේකම් සුනිල් සෙනවීර, රාජ්‍ය සේවා පාපන්දු ලීගයේ ලේකම් එම්.එෆ්. අෆ්ලා, කිළිනොච්චිය පාපන්දු ලීගයේ ලේකම් එම්. නිමලදාසන් යන මහත්වරුන්ට එරෙහිව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ රෙගුලාසිවලට එරෙහිව යමින් පාපන්දු සම්මේලනයට එරෙහිව නඩු පැවරීමේ චෝදනා මත විනය පරීක්ෂණයක් කැඳවීමටත් තීරණය කර තිබේ. මේ අතර වාර්තාවන පරිදි පාපන්දු සම්මේලනයේ උප සභාපති රංජිත් රුද්‍රිගු මහතාගේ සහය තවදුරටත් ජස්වර් උමාර් මහතාට ලැබෙනු ඇතැයි ද පැවසේ.


අදහස් (0)

පාපන්දු නිලවරණය අගෝස්තු 31 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.