Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු ක්‍රීඩකයෙක් පී.සී.ආර්. අසමත්

පාපන්දු ක්‍රීඩකයෙක් පී.සී.ආර්. අසමත්

නාමල් පතිරගේ - 2021 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දකුණු කොරියාවේ ‘සෝල්’ නුවරට ඊයේ (1) ළඟා වූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයකු පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් අසමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගන්නා හෝටලයට ඇතුල් කිරීමට පෙර ඔහුට තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් කිරීමට කොරියානු බලධාරින් තීරණය කර ඇතැයි වාර්තාවේ.

සෝල් නුවරදී මෙම 5 හා 9 යන දිනවලදී  පැවැත්වෙන ලෝක කුසලාන (2022) ආසියානු කලාප දෙවැනි වටයේ තරග දෙකකට සහභාගිවීම  සඳහා ක්‍රීඩකයන් 22 දෙනකු ඇතුළුව පුහුණුකරුවන් හා නිලධාරීන් 11 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමක් දැන් සෝල් නුවරට ළඟාවී සිටියි.

ශ්‍රී ලංකා පාපන්දු  සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසුවේ මැද  පෙළ ක්‍රීඩකයකු වන රිෆ්කාන් මොහොමඩ් ගේ තවත් පී.සී.ආර්. පරීක්ෂණයක්  කිරීමට තීරණය කර තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් හා නිලධාරීන් මේ වනවිට සෝල් නුවර නවාතැන් ගන්නා හෝටලයට පැමිණ සිටින බවයි.

‘‘රිෆ්කාන් මොහොමඩ් ක්‍රීඩකයාගේ තත්ත්වය කුමක්වේදැයි අපට දැන්ම මුකුත් කියන්න බෑ. නමුත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් හා නිලධාරීන් ශ්‍රී ලංකාවෙන් පිටත් වුණේ ජෛව ආරක්ෂක බුබුළක දින 14ක් කල් ගෙවලා. ශ්‍රී ලංකාවේදී කළ පී.සී.ආර්. පරීක්ෂණවලිනුත් ඔවුන් සමත් වෙලායි හිටියේ’ යයි පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

පාපන්දු ක්‍රීඩකයෙක් පී.සී.ආර්. අසමත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.