බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2015) ආරම්භය සනිටුහන් කරමින් පළමු සතිය නිමාවන විට ඡන්ද 801 ක් ලබාගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් සමත් විය. ඡන්ද 731 ක් ලබාසිටින ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ චරිත් අසලංක එහි දෙවැනි ස්ථානයේ පසුවේ.
පළමු සතිය අවසානයේ කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ සහ මරදාන සහිරා විදුහලේ ශෙහාන් වීරසිංහ පිළිවෙලන් ඡන්ද 699 ක් සහ 665 ක් බැගින් ලබාගෙන පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගැනීමට සමත්ව සිටිති.
නැගී එන කාණ්ඩයේ සහ අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කිසිදු කී‍්‍රඩකයකු මෙතෙක් ඡන්ද ලබාගැනීමට සමත්ව සිටියේ නැත.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| හිමේෂ් රංගනාත් | පානදුර රාජකීය විදුහල | 801 |
| චරිත් අසලංක | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 731 |
| රන්දේව් පතිරණ | කොළඹ රාජකීය විදුහල | 699 |
| ශෙහාන් වීරසිංහ | මරදාන සහිරා විදුහල | 665 |
| හරිත් සමරසිංහ | කොළඹ රාජකීය විදුහල | 639 |
| පැතුම් මධුෂාන් | කොළඹ ශාන්ත ජොෂප් විදුහල | 618 |
| අරවින්ද අකුරුගොඩ | කොළඹ ශාන්ත ජොෂප් විදුහල | 615 |
| රවීන් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 576 |
| සචිඳු කොළඹගේ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 413 |
| වනිඳු හසරංග | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 378 |
| නිපුන් ගමගේ | කොළඹ ශාන්ත ජොෂප් විදුහල | 198 |
| දිනේත් නවෝද්‍ය | කොළඹ ශාන්ත පීතර විදුහල | 174 |
| ප‍්‍රභාත් කැප්පැටිපොළ | කුරුණෑගල මලියදේව විදුහල | 157 |
| කණිෂ්ක උක්ගල්යාය | ශා. අන්තෝනි විදුහල | 133 |
| තරිඳු රත්නායක | ශාන්ත තෝමස් විදුහල | 122 |
| සහන් ආරච්චිගේ | කොළඹ ආනන්ද විදුහල | 101 |
| තනීෂ වීරකෝන් | කොළඹ ශාන්ත පීතර විදුහල | 98 |
| තිමිර ජයසිංහ | කොළඹ තර්ස්ටන් විදුහල | 81 |
| ලසිත් ඇඹුල්දෙණිය | කොළඹ රාජකීය විදුහල | 61 |
| විනූ මෙහොට්ටි | කොළඹ ශාන්ත පීතර විදුහල | 47 |
ඡන්ද ලබාදෙන පාඨකයින් වෙනුවෙන් පවත්වන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රහකයෝ
1 ඒ. විතාරණ, 234-238, පන්නිපිටිය පාර, බත්තරමුල්ල
2 මිනුෂි පාරින්ද්‍යා, 122/145 බී, කෙටහැර, අවිස්සාවේල්ල
3 එල්. සී. අයිරාංගනී, නො. 10, පිරිවෙන පාර, පිංවත්ත, පානදුර
4 එෆ්. නානායක්කාර, 395, මඩවල පාර, කටුගස්තොට
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.