Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පානදුර මහානාමයට කඩුලූ 10 ක ජයක්

පානදුර මහානාමයට කඩුලූ 10 ක ජයක්

Dilrukshi - 2015 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ II වැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව තරගයකදී හොරණ ශී‍්‍ර පාලි විදුහල පරදවා කඩුලූ 10 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට පානදුර මහානාම විදුහල සමත් විය. මෙම තරගය ඊයේ (3 වැනිදා) පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර පාලි විදුහලට  ඕවර 10.4 කදී ලබාගත හැකිවූයේ ලකුණු 26 ක් පමණි. මහානාම විදුහල වෙනුවෙන් දකුණතින් මඳ වේග පන්දු යවන පුබුදු ප‍්‍රනාන්දු ලකුණු 06 කට කඩුලූ 6 ක් දවාගැනීමට සමත් විය. ශී‍්‍ර පාලි ඉනිම පුරාම පන්දු යැවූයේ පුබුදු ප‍්‍රනාන්දු සහ හරිඳු සිල්වා (20/3) පමණි.

මෙම ජයග‍්‍රහණය මහානාම විදුහල් කණ්ඩායම මෙම තරගවාරයේදී පිට පිටම ලබාගත් 8 වැනි ජයග‍්‍රහණයයි.

හොරණ ශී‍්‍ර පාලි විදුහල  ඕවර 10.4 කදී සියලූ දෙනා දැවී 26 යි

(පුබුදු ප‍්‍රනාන්දු 06/6, හරිඳු සිල්වා 20/3)

පානදුර මහානාම විදුහල  ඕවර 2.4 කදී කිසිවකු නොදැවී 27

(මිහිඳු ගුණරත්න නොදැවී 19)

 

- 048

 

 


අදහස් (0)

පානදුර මහානාමයට කඩුලූ 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.