Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පානදුර බාළිකාවෝ රන්තරු ශූරතාව දිනති

පානදුර බාළිකාවෝ රන්තරු ශූරතාව දිනති

editorial - 2023 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා පාසල් 14 න් පහළ හොකී තරගාවලියේදී පානදුර බාලිකා මහා විද්‍යාලය විසින් රන්තරු කාණ්ඩයේ ශූරතාව දිනාගන්නා ලදි.

මාතලේ හින්දු විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගාවලියේදී පානදුර බාලිකාවන් විසින් මහනුවර විහාර මහා දේවි විද්‍යාලය (2-0) සහ ගම්පහ යසෝධරා බාලිකා විද්‍යාලය (2-0) පරාජය කරන ලදි. කොළඹ මියුසියස් විදුහල (0-0) සහ මාතලේ ක්‍රිස්තුදේව විදුහල (0-0) සමග පැවැති තරග ජය පරාජයෙන් තොරව නිමා විය.

16 න් පහළ තරගාවලියේදී අවසන් පූර්ව වටය දක්වා පැමිණි පානදුර බාළිකාවෝ එහි පළඟ අනුශූරතාවට හිමිකම් කීහ.

හොකී කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් රංගික ප්‍රසාද් මහතා කටයුතු කරයි. ක්‍රීඩා භාර ආචාර්ය සුරංගි පෙරේරා මහත්මිය ක්‍රීඩිකාවන්ගේ සෙවනැල්ලක් මෙන් සිටි අතර පාසලේ විදුහල්පතිනිය සුරන්ති ගුණවර්ධන මහත්මිය සියලුම පහසුකම් සපයා දුන්නාය.

 

රන්තරු ශූරතාව දිනූ 14 න් පහළ කණ්ඩායම


අදහස් (0)

පානදුර බාළිකාවෝ රන්තරු ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.