Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේදී ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන කාලය අතරතුර පාකිස්තානු ක්‍රීඩකයින් සමගින් එක්ව සිටීම සහ ගමන් කිරීම ඔවුන්ගේ භාර්ය්‍යාවන්ට සහ පවුලේ සාමාජිකයින්ට තහනම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කළද දැන් එම තීරණය වෙනස් වී තිබේ. ඒ අනුව ජූනි මස 16 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයෙන් අනතුරුව පාකිස්තානු ක්‍රීඩකයන් හා එක්ව සිටීමට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සහ දරුවන්ට අවස්ථාව ලැබෙනු ඇත.
කෙසේ වෙතත් කලින් පැවැති තහනමට අසිෆ් අලි සහ හැරිස් සොහේල් දෙදෙනා යටත්ව සිටියේ නැත. අසිල් අලීගේ මාස 4 ක් වියැති දියණිය පිළිකාවක් හේතුවෙන් පසුගියදා මියගියාය. හැරිස් සොහේල් පෞද්ගලික අවශ්‍යතා ගෙනහැර පාමින් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විශේෂ අවසරයක් ගෙන තිබිණ.
ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට සහ දරුවන්ට ක්‍රීඩකයන් සමග සිටීම තහනම් කර ඇත්තේ ක්‍රීඩකයන්ගේ සිත එක අරමුණක තබාගෙන ලෝක කුසලාන තරගාවලියට මුහුණ දීම අරමුණු කරගනිමිනි.
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.