ටෙස්ට් තරග දෙකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සදහා පාකිස්තානු ක‍්‍රිකට් පිල අගෝස්තු මස 2 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
පළමු ටෙස්ට් තරගය අගෝස්තු මස 6 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පළමු එක්දින තරගය අගෝස්තු මස 23 වැනිදා සූරියවැවදී ද, දෙවැනි තරගය 27 වැනිදා පල්ලේකැළේදී ද, තුන්වැනි එක්දින තරගය 30 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීද, පැවැත්වේ. පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි තරගය පමණක් දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අතර පළමු සහ තෙවැනි තරග දිවා තරග ලෙස පවැැත්වේ.
පාකිස්තානු පිල සහභාගි වන එකම පුහුණු එක්දින තරගය අගෝස්තු මස 20 වැනිදා මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී (ටිරෝන් ප‍්‍රනාන්දු ක‍්‍රීඩාංගණය) පැවැත්වීමට නියමිතය. 1980 දශකයේදී එක්දින තරගද, 1992 - 90 දශකය මුලදී ටෙස්ට් තරගද පැවැති මොරටුව ටිරෝන් ප‍්‍රනාන්දු ක‍්‍රීඩාංගණයයේදී අන්තර්ජාතික තරගයක් පැවැත්වෙන්නේ කලකට පසුවය.
මෙම ක‍්‍රීඩාංගණයේ අවසන් ටෙස්ට් තරගය 1993 වසරේ දෙසැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ද, අවසන් එක්දින තරගය 1993 වසරේ අගෝස්තු මස ඉන්දියාවට එරෙහිව ද, පැවැත්විණි. කෙසේ වෙතත් මොරටුව ක‍්‍රීඩාංගණයට විකල්ප ක‍්‍රීඩාංගණ ලෙස එස්.එස්.සී. සහ සී.සී.සී. යන ක‍්‍රීඩාංගණ නම් කර තිබේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.