(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ පාපැදි සංගමය 6 වැනි වරටත් සංවිධානය කරන ප්‍රභාත් ද සිල්වා අභියෝග කුසලාන විවෘත ප්‍රවීණයන්ගේ පාපැදි තරගය හෙට (13) පෙරවරු 8.00 ට අම්බලන්ගොඩ නගර මධ්‍යයෙන් ආරම්භ කෙරේ. මෙම තරගය ඉසව් දෙකක් යටතේ පැවැත්වෙන අතර වයස 55න් ඉහළ හා වයස 65 න් ඉහළ එම තරග ඉසව් දෙකය.
වයස 55න් ඉහළ පාපැදි තරගය කිලෝමීටර් 32 කි. තරගය ආරම්භ වන අම්බලන්ගොඩ නගර මධ්‍යයේ සිට අම්බලන්ගොඩ-ඇල්පිටිය මාර්ගය ඔස්සේ ඇල්පිටියට ගොස් ඇල්පිටියෙන් හරවා නැවතත් එම මාර්ගයේම අම්බලන්ගොඩට පැමිණීමෙන් තරගය අවසන් වෙයි.
වයස 65 න් ඉහළ පාපැදි තරගය කිලෝමීටර් 25 කි. අම්බලන්ගොඩ සිට ඇල්පිටිය-අම්බලන්ගොඩ මාර්ගයේ කුරුදුගහහැතැප්ම නගරයට ගොස් හරවා නැවත එම මාර්ගයේම අම්බලන්ගොඩට පැමිණීමෙන් තරගය අවසන් වෙයි.
තරගාවලියේ ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගන්නා ක්‍රීඩකයන්ට කුසලාන සහ පදක්කම් පිරිනමන බව තරග සංවිධායකයෝ කියති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.