Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාමල් පතිරගේ
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඊයේ (5) නිමාවට පත්වූ ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය. සෙනසුරාදා (4) තරග වදිමින් මීටර 1500 ශ්‍රී ලංකා ක්‍රීඩක පී.ඩබ්. ප්‍රදීප් සෝමසිරි - ටී 46 කාණ්ඩයෙන් විනාඩි 3 තත්පර 53.77කට ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තේය. මීට පෙර 2022 චීනයේ පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී මෙම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ඇති 27 හැවිරිදි ඔහු ලෝක ශූරතා පදක්කමක් ලද පළමු අවස්ථාවයි.
මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ස්වාධීන ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් ඉසරෙම්මුක් විසිනි. ඒ විනාඩි 3 තත්පර 53.26කටය. නවදිල්ලි ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට සෙසු ලෝකඩ පදක්කම හිමිකර දුන්නේ ශ්‍රී ලංකා දුර පැනීමේ ක්‍රීඩක ඉන්දික ගමගේ විසිනි. ඒ මීටර 6.46කට මෙතෙක් ඔහුගේ හොඳම ඉසව්වේ දක්ෂතාවය දක්වමිනි.
රටවල් 107 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1299 දෙනකු තරග වැදුණු මෙවර ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ජයග්‍රාහකයා වූයේ රන් පදක්කම් 15ක් දිනූ බ්‍රසීලයයි. චීනය රන් පදක්කම් 13ක් දිනා එහි දෙවැනි ස්ථානය ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ පදක්කම් දිනූ රටවල් 65 අතරින් 62 වැනි ස්ථානය ලැබීය.
දකුණු ආසියානු කලාපයේ රටවල් අතර වැඩිම පදක්කම් දිනා ගත් සත්කාරක ඉන්දියාව රන් පදක්කම් හයක් රිදී පදක්කම් නමයක් හා ලෝකඩ පදක්කම් හතක් දිනා පදක්කම් සටහනේ 10 වැනි ස්ථානයට පත් විය. දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව හැරෙන්නට පදක්කම් ලබා ගත් එහි සෙසු එකම රට වූයේ ශ්‍රී ලංකාවයි.
මෙවර ලෝක පැරා මලල ක්‍රීඩා තරග සංචාරයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෝ සිවුදෙනෙක් හා ක්‍රීඩිකාවක් සහභාගි වූහ. සජිත් ජයලාල් හා වයි.කේ. කුලරත්න යන මහත්වරු කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙසත් ධනංජය කුමාර අලුදෙනිය මහතා කළමනාකරු ලෙසත් මෙම තරග සංචාරයට සහභාගි විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.