Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රංශය ගෝල 3-0 කින් වේල්සය පරදවයි

ප්‍රංශය ගෝල 3-0 කින් වේල්සය පරදවයි

editorial - 2021 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යූ‍රෝ 2020 පාපන්දු ශූරතාවලියට පෙරහුරුවක් ලබාගැනීම සඳහා ඊට සහභාගි වන රටවල් කිහිපයක් අතර ඊයේ (2 වැනිදා) පැවැති ජාත්‍යන්තර සුහද තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ප්‍රංශය සහ එංගලන්තය සමත් විය. 

වේල්සයට එරෙහිව පැවැති තරගය ගෝල 3-0 ක් ලෙස ජයගැනීමට ප්‍රංශය සමත් වෙද්දී, ඔස්ට්‍රියාවට එරෙහිව පැවැති තරගයෙන් ගෝල 1-0 ක් ලෙස එංගලන්තය ජය වාර්තා කළේය. 

ප්‍රංශය සහ වේල්සය අතර පැවැති තරගයේ 25 වැනි විනාඩියේදී නේකෝ විලියම්ස් රතු කාඩ්පතක් ලැබීම නිසා වේල්සයට පැයකට වැඩි කාලයක් ක්‍රීඩකයන් 10 දෙනකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවිය. තරගයේ 34 වැනි විනාඩියේදී‍ කයිලියන් බාපේ ලබාගත් ගෝලයත් සමග පළමු අර්ධය නිමාවන විට ප්‍රංශය ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 2 ක් ගතවන විට එනම් 47 වැනි විනාඩියේදී ඇන්ටොයින් ග්‍රීස්මන් ප්‍රංශය වෙනුවෙන් දෙවැනි ගෝලය ලබාගත්තේය. අතිරේක ක්‍රීඩක උස්මාන් ඩෙම්බේලේ 79 වැනි විනාඩියේදී ලබාගත් ගෝලයත් සමග ගෝල 3-0 ක් ලෙස පහසු ජයග්‍රහණයකින් ප්‍රංශය තරගය නිමා කළේය.

එංගලන්තය සහ ඕස්‍ට්‍රියාව අතර පැවැති තරගයේ පළමු අර්ධ නිමාවන විට දෙපිලම ගෝල ලබා නොසිටි අතර දෙවැනි අර්ධය ආරම්භ වී ‍විනාඩි 11 ක් ගතවන විට එනම් තරගයේ 56 වැනි විනාඩියේදී ලාබාල ක්‍රීඩක බුකායෝ සාකා  එංගලන්තය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය. එය සාකාගේ පළමු ජාත්‍යන්තර ගෝලය ලෙසද සටහන් විය.

මේ අතර නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර පැවැති තරගය 2-2 ක් ලෙසද, ජර්මනිය සහ ඩෙන්මාර්කය අතර පැවැති තරගය ගෝල 1-1 ක් ලෙසද ජය පැරදු‍මකින් තොරව නිමාවට පත්විය. 

ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී නෙදර්ලන්තය වෙනුවෙන් ගෝල ද්විත්වයක් ලබාගැනීමට මෙම්පිස් ඩෙපේ සමත් විය.

-036


අදහස් (0)

ප්‍රංශය ගෝල 3-0 කින් වේල්සය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.