Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රිමා කුසලාන බස්නාහිර පළාත දකුණ (පිටත) කණ්ඩායමට

ප්‍රිමා කුසලාන බස්නාහිර පළාත දකුණ (පිටත) කණ්ඩායමට

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට බස්නාහිර පළාත දකුණ (පිටත) කණ්ඩායම අද (30 වැනිදා) සමත්විය.

බස්නාහිර පළාත දකුණ (පිටත) කණ්ඩායම ඊයේ දිනය නිමාවනවිට කඩුලු 8 ක් දැවී ලකුණු 299 ක් රැස්කරගෙන සිටි අතර අද උදෑසන කඩුලු 9 ක් දැවී ඉනිම අත්හිටුවා බස්නාහිර පළාත (මධ්‍යම) කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

ළහිරු මදුශංකගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බස්නාහිර පළාත (මධ්‍යම) කණ්ඩායම ලකුණු 148 කට දවාගනිමින් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට බස්නාහිර පළාත දකුණ (පිටත) කණ්ඩායම සමත්විය. ලකුණු 41 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ළහිරු මදුශංක සමත්විය.

චමත් යටවර ලකුණ 41 ක් ලබාගනිමින් බස්නාහිර පළාත (මධ්‍යම) කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූයේය.

දෙවන ඉනිම ඇරඹූ බස්නාහිර පළාත දකුණ (පිටත) කණ්ඩායම දිනය නිමාවනවිට සිය දෙවන ඉනිම සදහා කඩුල්ලක් දැවී ලකුණු 105 ක් රැස්කිරීමට සමත්විය.

කමිල් මිෂාර තරගයේ දෙවන අර්ධ ශතකයත් (නොදැවී 53) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.

අවසන් තරගයේදී ශතකයක් රැස්කළ බස්නාහිර පළාත දකුණ (පිටත) කණ්ඩායමේ කවිඳු උමයංග අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට සමත්වූ අතර අවසන් තරගයේදී අර්ධ ශතක දෙකක් ලබාගනිමින් හොදම පිතිකරුවාට හිමි සම්මානය බස්නාහිර පළාත දකුණ (පිටත) කණ්ඩායමේ කමිල් මිෂාරත් අවසන් තරගයේදී කඩුලු 5 ක් දවාගනිමින් හොදම පන්දුයවන්නාට හිමි සම්මානය බස්නාහිර පළාත දකුණ (පිටත) කණ්ඩායමේ ළහිරු මදුශංකත් දිනාගැනීමට සමත්වූහ.

තරගාවලියපුරා පිත්තෙන් දස්කම් දක්වා ලකුණු 256 ක් රැස්කරමින් තරගාවලියේ හොදම පිතිකරුට හිමි සම්මානය බස්නාහිර පළාත උතුර (පිටත) කණ්ඩායමේ අවිශ්ක තරිදු විසින් දිනාගත් අතර තරගාවලියේ හොදම පන්දුයවන්නාට හිමි සම්මානය කඩුලු 15 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ වයඹ කණ්ඩායමේ ගයන්ත වික්‍රමාරච්චි විසින් දිනාගන්නා ලදී.

තරගාවලියපුරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වා ලකුණු 157 ක් සහ කඩුලු 12 ක් දවාගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දකුණු පළාත් කණ්ඩායම නියෝජනය කළ සදුන් මෙන්ඩිස් විසින් දිනාගැනීමට සමත්විය.

 


බස්නාහිර පළාත දකුණ (පිටත) - පළමු ඉනිම - ඕවර 92.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 302
(කමිල් මිෂාර 72, ෂෙරෝන් ලක්‍ෂිත 28, කවිඳු උමයංග 122, විහඟ ගුණරත්න 20, අෂාන් දිල්හාර 29, යසිරු කස්තුරිආරච්චි 77/4, මිරංග වික්‍රමතිලක 25/2, මනීෂ රූපසිංහ 63/2)

බස්නාහිර පළාත (මධ්‍යම) - පළමු ඉනිම - ඕවර 47.1 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(චමත් යටවර 41, පවන් රත්නායක 28, අමිත දාබරේ 29, ළහිරු මදුශංක 41/5, විහඟ ගුණරත්න 11/2)

බස්නාහිර පළාත දකුණ (පිටත) - දෙවන ඉනිම - ඕවර 32 කදී කඩුල්ලක් දැවී ලකුණු 105
(කමිල් මිෂාර නොදැවී 53, දුමිත් නිම්හාන නොදැවී 33)

 


අදහස් (0)

ප්‍රිමා කුසලාන බස්නාහිර පළාත දකුණ (පිටත) කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.