Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු විනිසුරුවරිය අනිද්දා පිටියට

පළමු විනිසුරුවරිය අනිද්දා පිටියට

editorial - 2022 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 92ක ලෝක කුසලාන පාපන්දු (පිරිමි) තරග ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් අනිද්දා (2) කටාර් ලෝක කුසලාන පාපන්දු තරගයක ප්‍රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීමට නියමිතය.

ජර්මනිය හා කොස්ටාරිකාව අතර හෙට ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30ට අල්- බසිට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගයේ ප්‍රධාන විනිසුරුවරිය ලෙස තෝරාගෙන ඇත්තේ ප්‍රංශ ජාතික 38 හැවිරිදි ස්ටෙෆානි ෆ්‍රැෆට් ය.

කටාර් ලෝක කුසලාන තරගාවලියේ ඇය හෙට විනිශ්චය කරන මෙම තරගයට ඉහළම අවධානය යොමුවී ඇත්තේ එයින් ජර්මනිය පරාජයට පත්වුවහොත් හෝ සමවීමෙන් වුවද ඔවුන් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවන බැවිනි.

ජර්මනියට මෙලෙස ඉහළම අවධානය යොමුවන්නේ ලෝක කුසලාන තරග ඉතිහාසය පුරා ජර්මනිය සුපිරි දස්කම් අතර පසුවූ කණ්ඩායමක් වන බැවිනි. අවසන් වරට 2014දී ඔවුන් ලෝක පාපන්දු කුසලාන හිමිකරගෙන තිබේ.

ස්ටෙෆානි ෆ්‍රැෆට් කටාර් ලෝක කුසලාන සුදුසුකම් තරග වටයේදී (2021) නෙදර්ලන්තය හා ලැට්වියා අතර තරගය විනිශ්චය කිරීමෙන් මීට පෙර අවධානය දිනා ඇත.
වසර 2009දී අන්තර්ජාතික පාපන්දු විනිසුරු වර්ණ දිනාගත් ඇය, වසර 2015 ලෝක කුසලාන පාපන්දු කාන්තා තරගාවලිය ඇතුළු ලොව ප්‍රමුඛතම පාපන්දු තරග මාලා ගණනාවකට ප්‍රධාන විනිසුරුවරියක ලෙස කටයුතු කර තිබේ.

මෙවර කටාර් ලෝක කුසලාන තරගාවලියේ නිර්දේශිත විනිසුරු මඬුල්ලට ඇතුළත්ව සිටින විනිසුරුවන් 36 දෙනා අතර පළමු වතාවට විනිසුරුවරියෝ තිදෙනෙක් ඇතුළත්ව සිටිති. ජපානයේ යොෂිටි යටසිමා හා රුවන්ඩාවේ සලීටා මුකන්යන්ගා සෙසු විනිසුරුවරියන් දෙදෙනායි.

මේ අතර අද පැවැති මූලික වටයේ තරග දෙකකදී එක්සත් ජනපදය විසින් ඉරානය (1-0), එංගලන්තය විසින් වේල්සය ද (3-0) පරාජය කරන ලදී.

එහිදී එක්සත් ජනපදයේ ජයග්‍රහණයට විශාලතම වටිනාකමක් ලැබුණේ එය ‘‘බී’’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනියට වැඩිම ප්‍රසාද ලකුණු ලබාගැනීම තුළ ඔවුන් ඉරානයට තිබූ අවස්ථාව අහිමි කරමින් දෙවැනි වටයට ප්‍රවේශ වීමෙනි.


හෙට (1) පැවැත්වීමට නියමිත මූලික වටයේ තරග (ශ්‍රී ලංකාවේ වේලාවෙන්)
පෝලන්තය – ආජන්ටිනාව අතර (‘සී’ කාණ්ඩය) මධ්‍යම රාත්‍රී 12.30ට
සෞදිඅරාබිය – මෙක්ෂිකෝව අතර (‘සී’ කාණ්ඩය) මධ්‍යම රාත්‍රී 12.30
ක්‍රොඒෂියාව හා බෙල්ජියම අතර (‘එෆ්’ කාණ්ඩය) රාත්‍රී 8.30ට
කැනඩාව – මොරොක්කෝව අතර (‘එෆ්’ කාණ්ඩය) රාත්‍රී 8.30ට


අදහස් (0)

පළමු විනිසුරුවරිය අනිද්දා පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.