Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු දිනයේදී පිහිනුම් ක්‍රීඩකයෝ අසාර්ථක වෙති

පළමු දිනයේදී පිහිනුම් ක්‍රීඩකයෝ අසාර්ථක වෙති

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක් වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු දිනය වූ අද (5 වැනිදා) පැවැති පිහිනුම් ඉසව්වලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ චෙරන්ත ද සිල්වාට සහ අකලංක පීරිස්ට මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවූහ.

අද පැවැති පිරිමි මීටර් 50 සමනල ආර ඉසව්වේ මූලික තරගයකදී චෙරන්ත සහ අකලංක පිළිවෙලින් 6 වැනි සහ 7 වැනි ස්ථාන වලට පත් වූහ.

මීටර් 100 සමනල ආර ඉසව්වේ මූලික තරගයකදී 6 වැනි ස්ථානයට පත්වීමට අකලංක සමත් වුවත්, එම ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට තරම් ඔහුගේ තරග නිමි කාලය ප්‍රමාණවත් නොවීය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි වූ පිහිනුම් ඉසව්  

■    පිරිමි මීටර් 50 සමනල ආර ඉසව්ව

6 වැනි ස්ථානය - චෙරන්ත ද සිල්වා (තත්පර 25.13)
7 වැනි ස්ථානය - අකලංක පීරිස් (තත්පර 25.32)

■    පිරිමි මීටර් 100 සමනල ආර ඉසව්ව

6 වැනි ස්ථානය - අකලංක පීරිස් (තත්පර 58.68)

 

-036

 


අදහස් (0)

පළමු දිනයේදී පිහිනුම් ක්‍රීඩකයෝ අසාර්ථක වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.