Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, කෝට්ටේ ජනාධිපති විද්‍යාල ‘සී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාල ‘සී’ කණ්ඩායම ඊයේ (27) සමත් විය. මෙම තරගය රාජගිරිය ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සචින්ත සඳරු පළමු ඉනිමේදී ලකුණු 26කට කඩුලු 7ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 31ට කඩුලු 2ක් සමගින් ඉනිම් දෙකේදී ලකුණු 57 කට කඩුලු 9ක් බිද හෙළීය.
ඩී.එස්. සේනානායක ‘සී’ පළමු ඉනිම - ඕවර 58කදී කඩුලු 9කට ලකුණු 209
(ජෝනතන් පෝල 36, පූර්ණ සුලක්ෂණ 25, රවිඳු ශාරද 23, මෙනුර විමුක්ති 58/3 )
ජනාධිපති විද්‍යාල ‘සී’ පළමු ඉනිම - ඕවර 30.3 කදී සියලු දෙනා දැවී ලකුණු 69
(සචින්ත සඳරු 26/7, පූර්ණ සුලක්ෂණ 12/2 )
ජනාධිපති විද්‍යාල ‘සී’ දෙවන ඉනිම - ඕවර 16 කදී කඩුලු 3කට ලකුණු 106
(මෙනුර විමුක්ති නොදැවී 35, මිතික පෙරේරා නොදැවී 24, සචින්ත සඳරු 31/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.