Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මතුගම ශාන්ත මේරී විදුහල සහ මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලය අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති 54 වැනි ‘පස්දුන්කොරලේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (18 වැනිදා) ජය පැරදුමකින් තොරව අවසන් විය.
ජයග්‍රහණය සඳහා ලකුණ 237 ක ඉලක්කයක් හඹා යමින් සිටි ආනන්ද ශ්‍රාස්ත්‍රාලය අද තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 126 ක් ලබා සිටියේය. එහීදී ආනන්ද ශ්‍රාස්ත්‍රාලය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට සුපුන් ගීතික (57) සමත් විය.
ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට වඩා ලකුණු 3 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත මේරී විදුහල කඩුලු 5 ක් දැවී ලකුණු 239 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නාමල් මධුසංක (89) සහ නවිෂාන් විමුක්ති (55) ශාන්ත මේරී විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.
පළමු දිනය වූ අද (18 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 123 ක් ලබා සිටි ආනන්ද ශාස්ත්‍රාලයට අද දිනයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 56 ක් පමණි.
ශාන්ත මේරී විදුහල පළමු ඉනිම - ඕවර 41 කදී සියලු දෙනා දැවී 176
(උජිත මදුරංග 61, සංජුල ක්‍රිෂාන් 44, තුෂාන් සංජුල 57/7)
ආනන්ද ශ්‍රාස්ත්‍රාලය පළමු ඉනිම - ඕවර 63.1 කදී සියලු දෙනා දැවී 179
(විදුර මංතිල 33, රවිඳු චානුක 43, දසුන් තාරුක 31/3, විජිත මදුරංග 25/2, චමිඳු ඉමේෂ් 28/3)
ශාන්ත මේරී විදුහල දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලු 5 ක් දැවී 239
(නාමල් මධුසංක 89, නවිෂාන් විමුක්ති 55, ප්‍රසාද් චතුරංග 61/2, තුෂාන් සංජුල 53/2)
ආනන්ද ශ්‍රාස්ත්‍රාලය දෙවැනි ඉනිම - ඕවර 35 කදී කඩුලු 2 ක් දැවී 126
(සුපුන් ගීතික 57, විදුර මංතිල 32)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.