Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ .ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී වයඹ පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 98 ක ජයක් හිමිකර ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම ඊයේ (23 වැනිදා) සමත්විය.
මෙම තරගය ගම්පොල වික්‍රමභාහූ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
මධ්‍යම පළාත් කණ්ඩායම වෙනුවෙන් ගිහාන් ඊබට් (50) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර අභිෂේක් කුමාර් ලකුණු 15 කට කඩුලු 3 ක් සහ තුෂාන් හේරත් ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මධ්‍යම පළාත - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 204
(ගිහාන් ඊබට් 50, අසිත වන්නිනායක 37, රිෂී අදිෂ්ටන් 28/3)
වයඹ පළාත - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී ලකුණු 106
(අභිෂේක් කුමාර් 15/3, තුෂාන් හේරත් 17/3, රනුධ සෝමරත්න 06/2, අසිත වන්නිනායක 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.