Last Update  :  2025-07-02 13:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පන්දු යවන්නෝ බදුරලිය දිනවති
අන්තර් සමාජ ක්‍රිකට්

පන්දු යවන්නෝ බදුරලිය දිනවති

editorial - 2025 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (1 වැනිදා) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 30 ක ජයක් වාර්තා කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹාගිය ඒස් කැපිටල් ක්‍රීඩකයන්ට ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 237 ක් පමණි. හිමාෂ ලියනගේ පන්දු 72 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 68 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. පන්දු 61 කට මුහුණදුන් රවීන් ද සිල්වා ලකුණු 45 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිතර වූ අලංකාර අසංක ලකුණු 48 කට කඩුලු 4 ක් දවගනිමින් ඒස් කැපිටල් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් යෙනුල දෙව්තුස ලකුණු 31 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බදුරලිය කණ්ඩායම ඕවර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 267 ක් ලබාගත් අතර බදුරලිය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රොස්කෝ තටීල් පන්දු 72 කින් ලකුණු 70 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි. දිල්ෂාන් ද සොයිසා (51) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද තටීල් සමත් විය. 


බදුරලිය පිල - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 267 
(දිල්ෂාන් ද සොයිසා 51, රොස්කො තටීල් 70, ජනෙත් කෞෂාල් 29, කේෂර නුවන්ත 20, ටේ‍රවීන් මැතිව් 42/5, නිමේෂ ගුණසිංහ 36/3) 

ඒස් කැපිටල් පිල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 237 
(තනූජ රාජපක්ෂ 41, නිමේෂ ගුණසිංහ 17, හිමාෂ ලියනගේ 68, රවීන් ද සිල්වා 45, අලංකාර අසංක 48/4, යෙනුල දෙව්තුස 31/2) 


අදහස් (0)

පන්දු යවන්නෝ බදුරලිය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.