Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පදක්කම් ලාභිනියන් 6 ක් කාන්තා පිලෙන් ඉවතට

පදක්කම් ලාභිනියන් 6 ක් කාන්තා පිලෙන් ඉවතට

ශනුක අරවින්ද - 2014 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වෙමින් ලෝකඩ පදක්කම දිනාගත් ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් හය දෙනකුම සංචාරක දකුණු අප‍්‍රිකානු කාන්තා පිලට එරෙහිව මේ මස 15 වැනිදා ආරම්භ වන තරග හතරකින් සමන්විත එක්දින තරගාවලියට නම් කර ඇති සංචිතයෙන් ඉවත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවන් වන චමරි පොල්ගම්පොළ, ඩිලානි මනෝදර, ලසන්ති මධුෂානි, චන්දිමා ගුණරත්න මෙන්ම යශෝධා මෙන්ඩිස් සහ ඉනෝෂි ප‍්‍රනාන්දු සංචිතයෙන් ඉවත්කර තිබේ.

නවක ක‍්‍රීඩිකාවන් වන ඉමල්කා මෙන්ඩිස් සහ විස්සයි20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටි හසිනි පෙරේරා සංචිතයට ඇතුළත්ව සිටිති. ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක‍්‍රීඩිකාවක් වන සදුනි අබේවික‍්‍රම වසර තුනකට පමණ කාලයකට පසුව මෙම සංචිතයට කැදවා තිබේ.
 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරිනියක පැවසුවේ මෙම සංචිතය පළමු එක්දින තරග දෙකට පමණක් බවයි. කෙසේ වෙතත් දකුණු අප‍්‍රිකාව වැනි ප‍්‍රබල කණ්ඩායමකට මුහුණ දීමේදී ඩිලානි මනෝදර සහ ලසන්ති මධුෂානි වැනි අත්දැකීම් වැඩි ක‍්‍රීඩිකාවන් ඉවත් කිරීම එතරම් සතුටුදායක තත්ත්වයක් නොවන බව කාන්තා ක‍්‍රිකට් කී‍්‍රඩාව පිළිබඳ දැනුමැත්තෝ පවසති.

මෙම දකුණු අප‍්‍රිකානු සංචාරයට එක්දින තරග හතරක් සහ විස්සයි20 තරග තුනක් ඇතුළත් වේ. පළමු එක්දින තරග දෙක මේ මස 15 සහ 17 එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී ද, තෙවැනි සහ සිවුවැනි එක්දින තරග මේ මස 19 සහ 21 දෙදින එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට නියමිතය.

පළමු සහ දෙවැනි විස්සයි20 තරග මේ මස 23 සහ 25 කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී ද, අවසන් විස්සයි20 තරගය මේ මස 26 වැනිදා වෙළෙද සේවා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීද, පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතය
චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, ශෂිකලා සිරිවර්ධන, ඒෂානි ලොකුසූරිය, ශ්‍රීපාලි විරක්කොඩි, අනුෂ්කා සංජීවනී, මධුරි සමුදිකා, ඉනෝකා රණවීර, උදේෂිකා ප‍්‍රබෝදනී, අමා කාංචනා, ප‍්‍රසාදිනී වීරක්කොඩි, සදුනි අබේවික‍්‍රම, ඉමල්කා මෙන්ඩිස් සහ නිලක්‍ෂි සිල්වා

අතිරේක ක‍්‍රීඩිකාවෝ :
චමරි පොල්ගම්පොළ, ඉනෝෂි ප‍්‍රනාන්දු, චන්දිමා ගුණරත්න සහ යශෝධා මෙන්ඩිස්

 


අදහස් (0)

පදක්කම් ලාභිනියන් 6 ක් කාන්තා පිලෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.