අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මාතර සාන්ත තෝමස් විදුහල සහ මාරවිල ශාන්ත සේවියර් විදුහල අතර පැවැත්වෙන තරගයේ පළමු දිනය වන අද (27) දිනය නිමාවන ශාන්ත සේවියර් විදුහල් පිල ලකුණු 88 කට කඩුලූ 4 ක් දැවී අසීරු තත්ත්වයක පසුවිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විදුහල කඩුලූ 8 ක් දැවී ලකුණු 354 ක් ලබාසිටියදී තම ඉනිම අත්හිටුවා ශාන්ත සේවියර් විදුහලට පන්දුවට පහරදීමට ආරාධනාකර සිටියේය. එහිදී සාන්ත තෝමස් විදුහලේ පි‍්‍රන්ස් දළුගොඩ ලකුණු 130 ක් රැස්කිරීමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
මෙම තරගය අද සහ හෙට (27 හා 28) නාත්තන්ඩියේදී පැවැත්වේ.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 59.2 කදී කඩුලූ 8 කට 354
(පි‍්‍රන්ස් දළුගොඩ 130, හේෂාන් වසන්ත නොදැවී 52, ලසිත් ලක්ෂාන් 37, හෂාන් විමර්ෂන 33, ශෂ්නි අහමඞ් 29)
ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම - ඕවර 23 කදී කඩුලූ 4 කට 88
(කනිෂ්ක මධුෂාන් 35, උදාර මෙන්ඩිස් 19)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.