Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිහිනුම් කණ්ඩායම සූදානම් කෙරෙයි

පිහිනුම් කණ්ඩායම සූදානම් කෙරෙයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ බැංගලෝර් නුවරදී ජනවාරි මස 26 වැනිදා ආරම්භ වන දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කරමින් සිටින බව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා අතුරු කමිටුවේ සභාපති රුවන් සත්කුමාර මහතා පැවසීය. සත්කුමාර මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයකු (සංවර්ධන) ලෙසද කටයුතු කරයි.

මෙම තරගාවලිය පිහිනුම්, වෝටර් පෝලෝ, දිය පිනුම් සහ දිගු දුර පිහිනුම් ලෙස කාණ්ඩ හතරක් යටතේ පැවැත්වේ.

“මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම සඳහා අපි වෙනම තේරීම් තරගාවලියක් පවත්වන්නේ නෑ. මීට පෙර පාලනය පැවැත්වූ තරගාවලියක ප්‍රතිඵල අනුව තේරීම් කමිටු එම කණ්ඩායම තෝරනවා”
“මෙම තරගාවලිය කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙන නිසා කණ්ඩායමට ඇතුළත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ගැන මට දැන්ම කියන්න බෑ” යැයිද සත්කුමාර මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණ පැවැත්වීමට නොහැකි වීම නිසා එහි පාලනය මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ (සංවර්ධන) රුවන් සත්කුමාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල අතුරු කමිටුකින් පාලනය වේ.   

 


අදහස් (0)

පිහිනුම් කණ්ඩායම සූදානම් කෙරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.