Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නූතන පංච ප්‍රයාමයට මිලියන 2.5 ක ක්‍රීඩා උපාංග

නූතන පංච ප්‍රයාමයට මිලියන 2.5 ක ක්‍රීඩා උපාංග

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශරීරය සහ මනස සමබර කිරීමේ ක්‍රීඩාවක් ලෙස සැලකෙන නූතන පංච ප්‍රයාම ක්‍රීඩාවට මිලියන 2.5 වටිනා ක්‍රීඩා උපාංග ලබා දීමේ උත්සවයක් පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මේ වන විට රටවල් 100 කට අධික ප්‍රමාණයක් නූතන පංච ප්‍රයාම ක්‍රීඩාවේ නිරත වන අතර එය අතීතයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලටද ඇතුළත්ව තිබිණ.

පවතින ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙක් ඉහළ පරිසාදන මට්ටම්වල රැදී සිටින අතර 2016 වසරේදී මෙම ක්‍රීඩාවේ දකුණු අසියානු රන් පදක්කම දිනාගැනීමට නාවික හමුදාවේ නුවන් කුමාර සමත් විය.

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 ක් පමණ නූතන පංච ප්‍රයාම ක්‍රීඩාවේ නිරත වන අතර මෙම ක්‍රීඩාව දිස්ත්‍රික්ක මට්ටමින් ව්‍යාප්ත කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.
 
එම උත්සවයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බුවනෙක හේරත්, අතිරේක ලේකම් කේ.පී. සිරිබද්දන, සැළසුම් අධ්‍යක්ෂිකා කමනි සූරියආරච්චි, නූතන පංච ප්‍රයාම ක්‍රීඩාවේ සභාපති නිශාන්ත පියසේන, ජාතික පුහුණුකරු රුචිර බණ්ඩාර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.


- 036

 


අදහස් (0)

නූතන පංච ප්‍රයාමයට මිලියන 2.5 ක ක්‍රීඩා උපාංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.