Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නුවන් ප්‍රදීප් එක්දින තරගාවලියෙන් ඉවතට

නුවන් ප්‍රදීප් එක්දින තරගාවලියෙන් ඉවතට

රොෂාන් ගුණරත්න - 2017 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි වේග පන්දුයවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ කලවා ප්‍රදේශයේ හටගෙන ඇති ආබාධයක් හේතුවෙන් එම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ඔහුට අහිමිවී තිබේ.

දෙරට අතර පැවැති දෙවැනි (දිවා-රාත්‍රී) ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව සිය ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රදීප් කණ්ඩායමේ කලමණාකාරීත්වය දැනුවත් කර තිබේ.

පළමු ටෙස්ට් තරගයේදීද ප්‍රදීප් මෙම ආබාධ තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇති අතර ඒ සඳහා ප්‍රතිකාර ලබාගනිමින් දෙවැනි තරගයටද ක්‍රීඩා කිරීමට ඔහු කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවට පැමිණි විගස ප්‍රදීප් සිය ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණයකටද පෙනී සිටීමට නියමිතය.

ප්‍රදීප්ගෙන් හිස්වන ස්ථානය සඳහා වේග පන්දුයවන ක්‍රීඩක ළහිරු ගමගේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ. 2014 වසරේදී ඉන්දියාවට එරෙහිව එක්දින වරම් දිනාගත් ළහිරු ගමගේ මේ වන විට එක්දින තරග 5 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබෙන අතර එහිදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 2 කි.

දෙරට අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (13 වැනිදා) ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

-036

 


අදහස් (0)

නුවන් ප්‍රදීප් එක්දින තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.