‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී පන්නිපිටිය ක්‍රිස්ට් කිංග් විද්‍යාලයට එරෙහිව ඉනිමක ජයක් හිමිකර ගැනීමට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය සමත්විය. මෙම තරගය රත්මලාන ජල සම්පාදන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සඳුශාන් චමෝද්‍ය (109) සහ මිතිල පූර්ණජිත් (100) ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර නිකිල පූර්ණජිත් ලකුණු 61 කට කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ක්‍රිස්ට් කිංග් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 34.2 කදී සියලුදෙනා දැවී ලකුණු 100
(ලක්ෂිත දිල්ශාන් 26, කවීෂ් නදුන් 23, නිකිල පූර්ණජිත් 25/5, අශේන් මිලින්ද 24/3)
ශා. ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 72 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 400
(සඳුශාන් චමෝද්‍ය 109, මිතිල පූර්ණජිත් 100, නුරාජ් ප්‍රසංග 47, ටෙශාන් මාලින්ද 39, හිරූෂ සංදිප 32, ලක්ෂිත දිල්ශාන් 116/4, කවිඳු දිල්ශාන් 55/2)
ක්‍රිස්ට් කිංග් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී ලකුණු 119
(තරිඳු නිරිමාල් 33, නිකිල පූර්ණජිත් 36/5, ටෙශාන් මාලින්ද 16/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.