Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී වැල්ලම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 125 ක ජයක් හිමිකර ගැනීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල ඊයේ (4 වැනිදා) සමත්විය. මෙම තරගය මරදාන දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ලකිඳු රාජරත්න ලකුණු 26 කට කඩුලු 8 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
ලයිසියම් - පළමු ඉනිම - ඕවර 63.2 කදී සියලුදෙනා දැවී ලකුණු 295
(හංසජ බණ්ඩාර 91, පසිඳු රාජපක්ෂ 54, චලිඳු සසිමාල් 36, දමිත පවන් 34, අමිත් මදුශාන් 66/6)
සිද්ධාර්ථ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 23.4 කදී සියලුදෙනා දැවී ලකුණු 56
(අමිත් මදුශාන් නොදැවී 32, ලකිඳු රාජරත්න 18/6, රවිඳු රාජරත්න 24/2)
සිද්ධාර්ථ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37 කදී සියලුදෙනා දැවී ලකුණු 114
(චතුෂ්ක කවීශ්වර 27, සාලින්ද ආකාෂ් 21, හංසජ බණ්ඩාර 27/3, ලකිඳු රාජරත්න 08/2, රවිඳු රාජරත්න 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.