Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (6 වැනිදා) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණක අතිශය තියුණු ජයක් වාර්තා කිරීමට නුගේගොඩ ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය කෝල්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක්ද දවාගනිමින් ලකුණු 141 කට නවතාලීමට නුගේගොඩ ක්‍රීඩකයෝ සමත් වූහ. මියුරු හේෂාන් යැවූ අවසන් ඕවරයේදී තරගය ජය ගැනීම සඳහා කෝල්ට්ස් කණ්ඩායමට ලකුණු 8 ක් අවශ්‍ය වුවද, එක් හතරේ පහරක් සමග ඔවුන්ට එහිදී ලබාගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි.
කෝල්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සනෝජ් දර්ෂික පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 46 ක් රැස්කළ අතර නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 26 කින් ලකුණු 33 ක් රැස්කළේ හයේ පහර 3 ක් සමගිනි. කෙසේ වුවත් ඔවුන් දෙදෙනාටම සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් නුගේගොඩ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 142 ක් ලබාගත් අතර එහිදී කෙවින් පෙරේරා පන්දු 23 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද, සඳුන් මෙන්ඩිස් පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක්ද සමග ලකුණු 21 ක්ද රැස්කළහ.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් සිය ඕවර 4 ලකුණු 09 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් අතර නුගේගොඩ පිතිකරුවන් පීඩනයකට පත් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඩිල්ෂාන් මධුෂංක ලකුණු 31 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.
නුගේගොඩ පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 142
(පුලුඳු පෙරේරා 19, රහල් ගුණසේකර 15, කෙවින් පෙරේරා 26, සඳුන් මෙන්ඩිස් 21, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 09/4, ඩිල්ෂාන් මධුෂංක 31/2)
කෝල්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 141
(සංගීත් කුරේ 18, හිරුණ ගාල්ලගේ 15, සනෝජ් දර්ෂික 46, දුනිත් වෙල්ලාලගේ 33, සුවත් මෙන්ඩිස් 18/3, සඳුන් මෙන්ඩිස් 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.